නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

14 අම්මේ... යන්න එපා දුරු රටකට....

අම්මේ... යන්න එපා දුරු රටකට....
කවුරුත් නෑ මගෙ තනියට...
එහෙම කලෝතින් හොද නෑ අම්මේ..
හිතට දුකයි පොඩි පුතු හට....
අම්මේ.... යන්න එපා දුරු රටකට....//

මුලින්ම මේ වීඩියෝ එක බලල ඉන්නකො.. එතකොට ඔයාලටම තේරේවි...



බැලුවද?? ලස්සනද? හොදද?? මොකද්ද ඔයාලගෙ අදහස..?



මම උබලගෙන් ප්‍රශ්නයක් අහන්නම්... 

අපේ රටේ මොන කාලෙද සාගින්න නිසා.. එහෙමත් නැත්තම්, කුස ගින්න නිසා මිනිස්සු මැරුනෙ... 


අනික අහන්න කැමතියි අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ පිරිමිද, කාන්තාවන්ද? පොන්නයොද??

අනික මම අහන්නෙ.. අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් (එක පවුලකට) ගුවන් විදුලියක් හෝ රූපවහිනීයක් නැති ගෙවල් කීයක් විතර ඇතිද?

 අනික අපේ රටේ කිසිදු පුවතක් කුමන හෝ ආකාරයකින් ජනතාව අතරට නොයන ප්‍රදේශ තියෙනවද?? 

අනික රටේ තියෙන තත්වෙ නොදන්න මිනිස්සු කොච්චර විතර ලංකාවෙ ඉන්නවද?? 

ප්‍රශ්නනම් සෑහෙන්න තියෙනව... ඔන්න මම උබලගෙන් ප්‍රශ්න ඇහුව... 

මම දැන් ඔවට මම දන්න විදියට උත්තර දෙන්නම්.... මේ හැම ප්‍රශ්නෙකටම මුල මුදල් කියල මම නොදන්නවා නෙමෙයි... මමත් අග හිග කම් දුක් විදපු මනුස්සයෙක්... මමත් මුදල් වල අගය හොදට දන්නා අයෙක්... අපිට මුදල් ඕන තමයි.. නමුත් අපේ රටේ ඉන්න ජනතාවගෙන් 65% ක් පිරිම...වැඩකරන වයසේ සිටින...(හරියටම ශුවෙර් නෑ..)



මම පොඩ්ඩකට ප්‍රශ්නෙන් පිට පනින්නම්... මේකෙ ඉන්න අය ටී.වී එහෙම බලනව ඇතිනෙ... දැන් මම ලගදි දැක්ක ඇඩ් එකක්... මත්තල ගුවන් තොටුපොල ගැන... මොකද්ද දන්නවද? 


හම්බන්තොට, ගාල්ල, මාතර, කතරගම, වගේ ප්‍රදේශ වල ජනතාව පිට රට රැකියා වලට යන අනුපාතය 28% ලු... මත්තල නිසා දැන් අපේ රටට විදේශ විනිමය ලැබේලු... ඉක්මනට ගෙදර යන්න එන්න.. එහෙම ලේසියිලු... ඔන්න අපේ රජාගෙ වැඩ.... අනේ මෙහෙමත් අපේ රටේ පාලකයො... 

ඇයි දෙවියනේ පත්තරයක්, ප්‍රවුර්තියක් ඇහුවොත් කියන්නෙ ඇන ගහපු, ඇග පුච්චපු, එහෙමත් නැත්තම් ඇගේ කෑලි ගලවපු, දූශනය කරපු කතා... එහෙම ඇහෙද්දිත් අපේ ප්‍රදාන පෙලේ රජයේ චැනල් වලින් ඔය වගේ ඇඩ් දැම්මම හරි ශෝක් නේ...

කවුද ඕවට වග කියන්න ඕන... අපිම නේද?? 


ඇයි මේක අපේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ... මම දන්නව ඕකට කියන්නෙ වහල් වීම කියල... මම ඒකට හොදම උදාහරනය කියන්නම්.... අපේ අම්මලගෙ පැත්තෙ උදවිය... අම්මලගෙ ගම බෙලිඅත්තෙ.. ඒකියන්නෙ මහ රජාගෙ ගෙවල් කිට්ටුව... උන්ට තාම ඌව තේරුම් ගන්න බැරි හැටි.... මම අන්ත අප්‍රමාන කියල දෙනව...


කනකටවත් නෙමේ අහන්නෙ... අපිට එයා හොදයි... අරකයි මේකයි..මෙච්චර හරි කරේ කවුද? මට ඉතින් කටට එන ඒව... එතකොට තමා මගේ ඇගේ මාලු ගගේ නටන්නෙ.... ඔන්න ඔය වගේ තමා අපේ ජනතව.. මට වෙලාවකට හිතෙනව... මොලේ තියෙන ඔය වගේ කට්ටිය ඔහොම කියද්දි... මොලේ නැති ඉගෙන ග්ත්තෙ නති.. පොතක් පත්තරයක් බලන්න්න දන්නෙ නැති අය ගැන මොනව කතා කරන්නද බන්... 


මම මේ දේශපාලනය ඇදල අරගෙන කතා කරනව නෙමේ... ඔය වීඩියෝ එකේ වගේ වෙන්න ප්‍රදාන හෙතුව උබල තේරුනාද? අරවගේ ඇඩ් දාල පිටරට රස්සා හොදයි කියල උලුප්පල කියන රජය නෙමෙයි ද වැරදි... කියන්නෙ නම් අපි කාන්තාවන් රට යන එකට එකහෙලාම විරුද්දයි, අරකයි මේකයි...


 අනික මම මෙතනදි කතා කරන්න ලොකු ප්‍රශ්නයක් තියෙනව... අපේ රටේ වැඩියෙන් ඉන්නෙ කවුද?? පිරිමිද ගෑනුද? පොන්නයොද? 


 මම හිතන්නෙ පොන්නයො....( වචනෙ සැර වැඩි උනාට කොරන්න දෙයක් නෑ... ඇත්ත කියන්න ඕනනේ..) මොකද මිනිහා මෙහාට වෙවී කකා බිබී ඉන්නව.. ගෑනි රට යවල මරවනව... අනික ලමයි අතරමන් වෙනව... දරුවො පාරෙ හිගා කනව.. මිනිහ වෙන ගෑනු උස්සගෙන එනව... අනේ මන්ද බන්... මේ ලෝකයෙන්ම පවුකාරයො වැඩියෙන්ම ඉන්න රට අපෙ රට වෙන්න ඇති....


අනික මම අහන්නෙ අපේ රටේ ජොබ් නැද්ද? බලපන් පොඩ්ඩක් ලහිපිට.. තියෙන ජොබ් කන්දරාව... ඇයි ඒවගේ ඒව කොරන්ට බැරි... ලැජ්ජද? නැත්තම් කම්මැලි කමටද?? නැත්තම් පඩි අඩු නිසාද?? යකුනේ ලංකාවෙ ඉදපල්ලා... පඩි අඩු වගේ නෙමෙයි... උබල එහේ ගිහිල්ල මැරෙනවට වඩා සිය දහස් ගානකින් මෙහේ ඉදල දරුවො රැක බලාගෙන සතුටින් ඉද පල්ල.... දරුවො ගැන හිතපල්ලා.... උබල හිතන්නෙ සල්ලි ගැන විතරයි.. පොඩ්ඩක් උබල ගැනත් හිතපල්ලා.... පොඩ්ඩක් මිනිස්සු කියන දේ අහපල්ලා.... ඇයි උබල රැවටෙන්නෙ....  යකෝ උබල අපිට විදේශ විනිමය ගේනව තමා... නමුත් මම කැම්ති  නෑ උබල උබල මරවන් කාල අපි සතුටු වෙන්න.... 

උබල අතේ පයේ ඇණ ගහගෙන... හැමදාම ගුටි කාල.... අතවරයට ලක් වෙලා..... උණු වතුර ඇග හැමතැනම වක්කරගෙන... නොකා නොබී.... කාමර වල හිරකරගෙන....උබල උපයන එක සත පහක් මට එපා.... උබල අපේ රටේ ඉදන් කරන ඕන ජොබ් එකකට මම ඉහලින් ගරු කරනව.... මම අන්න්තවත් දැකල තියෙනව පාරවල වැඩ කරන මිනිස්සු... මම හිතන්නෙ ඔවුන් නිසා තමා අපි ජීවත් වෙන්නෙ කියල... මොක්ද අපේ නගර නිකන් ලස්සන වෙනවද.. නෑ... මිනිස්සු ඒව අස්පස් කරනව.... නාවින්නෙ කුනු කන්ද නිකන් අස් උනාද? නැත්තම් අපේ මහ ලොකු තැන් වල ඉන්න උදවිය ඇවිත් අස් කලාද? නෑ නෙ... අපේ මිනිස්සුම තමා ඕව අස් කලේ... අපේ මිනිස්සු ඕව අස් කලේ නෑ කියල උබලට ඇණ ගැහුවද? පිච්චුවද? අතවර කලාද?? නෑ නෙ...


මට මගේ හිතට එන ඒව ලියා ගන්න බෑ.... නැත්තම් මම ලියනව... මම අවසන වශයෙන් කියන්නෙ අපේ රට ලෝකයේ තියෙන හොදම රට...(මට) මගේ අම්ම දුක් වින්ද අපිව හදන්න.. 

ඒ වගේමයි අනිත් අම්මලත්... ඒකනෙ ජීවිතයත් මරනයත් එක්ක සටන් කරල රට යන්නෙ.. නමුත් අම්මේ ඒ ගැන පොඩ්ඩක් හිතන්න... අම්මල රට ගිහාම පුතාට උගන්නන්නෙ කවුද? ඌට හොද් නරක කියල දෙන්නෙ කවුද?? ඒක තාත්තෙක්ට බෑ.. ඒකයි අපි මුලින්ම කතා කරන වචනය "අම්මේ" කියල කියන්නෙ... ඒක සල්ලි වලට විකුනන්න රට යන්න එපා අම්මේ.. අපේ රටේ ඕන තරම් රැකියා තියෙනව අම්මේ... සල්ලි පොඩ්ඩක් හමු උනාට... හැමදාම අම්මලගෙ මූණ බලන්න තමන්ගෙ සැමිය, දූ දරුවො මග බලාගෙන ඉන්නව අම්මේ... 

අම්මල රට ගිහිල්ල එන්නෙ කොහොමද් අම්මේ.. එක්කො රොද පුටුවෙ... නැත්තම් අතක් පයක් කඩා ගෙන.. ගුටි කාල.. මොකා නොබී... ඒකටද අම්මේ අම්මල රට යන්නෙ... නෑනෙ... අපේ රටේ පිරිමි කියල ජාතියක් ඉන්නවනම් වැදල කියන්නම් මෙච්චර දෙයක් වෙලත් ඇයි තමන්ගෙ බිරිද? කෙල්ල? අම්ම? සහෝදරී? රට යවල මරවන්න හදන්නෙ... උබලගෙ අතපය කැඩිලනම් ගෙදරට වෙලා ඉදපල්ලා... අම්මල ජොබ් එකක් කරාවි... රට යවන්නෙ නැතුව... උබල කැම්තිත උබලගෙ අම්ම පෙට්ටියක ලංකාවට එනවට... උබල එහෙම ආවම අරකටයි මේකටයි, නඩුයි. ඔක්කොම කරාවි,... ඇයි උබල දන්නෙ නැද්ද රට යවන්න ඉස්සෙල්ල ගිහාම ඔහොම වෙනව කියල.. ඇයි පොඩ්ඩක් හිතන්න බෑරි.... අපේ රටේ දේශපාලුවො ගැන කතාකරල වැඩක් නැති නිසයි උන් ගන කතා කරන්නෙ නැත්තෙ... 



14 comments:

  1. මේකට අඩු වැඩි වශයෙන් අපි හැමෝම වගකියන්න ඕනේ.
    වර්තමාන ලංකාව කියන්නෙ වෙනත් රටවල් වලට ශ්‍රමිකයන් සපයන රටක්. විශේෂයෙන්ම ගෘහ සේවිකාවන්. මේකට වැඩිපුරම වගකියන්න ඔනේ මාධ්‍ය කියලයි මම හිතන්නෙ. රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යත් කොයිතරම්නම් දැන්වීම් පලකරනවද ගෘහ සේවිකාවන්ට ඇබෑර්තු තියෙනව කියලා? ලංකාවෙ ඉඳන් කරන්න පුලුවන් වෙන එක රස්සාවකටවත් එච්චර පබ්ලිසිටියක් දෙනව මමනම් දැකල නැහැ

    ReplyDelete
    Replies
    1. අපේ රටේ ඉහල පෙලේ දේශපාලුවො බලන්නෙ උන්ගෙ මඩිය තර කර ගන්න.. බල්ලො මරල හරි... ජන මාධ්‍යත් උන් යටතෙ ඉන්න නිසා උනුත් කරන්නෙ ඉහලින් එන ඕඩර්ස් ක්‍රියාත්මක කරන එක... ඔකට මොනව කරන්නද කියල හිතා ගන්න බෑ බන්... හැම දේකින්ම බැට කන්නෙ අහිංසක පවුල් වල උදවිය.... ඕකට අපිත් කොහොමින් කොහොම හරි වග කියන්න ඕන....

      Delete
  2. ඇඩෙන සීන් එක!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩේ උබටවත් මුකුත් කරන්න බැරිද රජෝ....උබල වගේ උන් හින්ද තමා රට විනාස වෙන්නෙ....

      Delete
  3. ෆුල් මලෙන් ලියලා තියෙන්නේ... පොඩ්ඩක් කූල් ඩවුන් උනා නම්....

    විදේශ රැකියා අතරෙන් ගෘහ සේවිකා කියන රැකියාවට ලංකාවෙන් විශේෂයෙන් ගැහැණු අය යවන එක ඉක්මණට නවත්නන්න ඕනේ කියන තැන මම ඉන්නේ...

    මේ තත්වයට රජාට බැනලා වැඩක් නෑ මල්ලි... රජා කියන්නේ ඉල්ලන මොනවා හරි දීලා තමන්ගේ බලය රැක ගන්න හදන තවත් එක දේශපාලකයෙක් විතරයි... මෙතන වැරද්ද තියෙන්නේ අපේ මිනිස්සු ආදි කාලයේ ඉඳලා හිතන විදියේ...

    එකක් ලේසි සල්ලි බලං ඉන්න එක.... නිකම් හිතලා බලන්න.. අපේ වැඩිහරියක් මිනිස්සු රජයේ රැකියා හොයන්නේ මොකද... රජයේ කාර්යාල වේලාවන් 8 -5 නිසා.... වැඩ කළත් නැතත් චක්‍ර ලේඛයට අනුව පඩි වැඩිවීම්, ප්‍රමෝෂන් හම්බුවෙනවා... වැඩි වෙහෙසක් නැතුව මාසෙට කීයක් හරි හොයාගන්න පුළුවන් නිසා.. අවසාන වශයෙන් පැන්ෂන් එක නිසා... පෞද්ගලික අංශයේ රැකියා වලදි ඔය දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා.. සාමාන්‍යයෙන් කිව්වොත් මේවයෙදි මහන්සි වෙන තරමටයි හම්බකරන්න පුලුවන්....

    ඊළඟට රජයෙන් නිකම්ම දෙන සහනාධාර... සමෘද්ධි කියමුකෝ... අපේ අය කොච්චර නම් සහනාධාර මත යැපෙන්න බලං ඉන්නවාද....

    අපේ කම්මැලි මිනිස්සු මහන්සි වෙන්න අකමැතියි වගේම සහ දිය කොරහේ කිඹුල්ලු දකින මිනිස්සු ජීවිතේ රිස්ක් එකක් ගන්නත් බයයි... ඕක තමයි ලංකාවේ වැඩි දෙනෙක්ගේ මානසිකත්වය... ( මම දැකලා තියෙනවා ජීවිතේට බැංකු ණයක් ගන්න පුදුමාකාර බයක් තියෙන මිනිස්සු... ගෙවා ගන්න බැරි වෙයි කියල තමයි මුලින් හිතන්නේ... නෑ මම මේක අරගෙන වැඩේ කර ගන්නවා, කො‌ෙහාම හරි ණය ගෙවා ගන්න මට පුළුවන් කියලා හිතන්නේ නෑ...)

    එහෙම එකේ රට රැකියා ගැන අපේ රටේ මීට අවුරුද 20-30කට කලින් ඉඳන් හදපු මානසිකත්වය මේ වෙනකොට නගරබදව වෙනස් වෙලා තිබුනත්, ගම්බදව වෙනස් වෙලා නෑ තාමත්... තාමත් ඉන්නවා පවුල ගොඩ ගන්න නම් රට යන්නම ඕනේ කියන තැන ඉන්න ගෑණු.... මොකද එයාලා දකින්නේ සුරංගනා පැත්ත විතරයි නේ... එක අතකට එයාලා වැරදියි කියන්න බෑ... ඇත්තටම දුප්පත්කමේ අන්තෙට ගියාට පස්සේ අනිත් හැම දේටම කලින් මිනිහෙක් හිතන්නේ බඩ පුරව ගන්න එකයි මුලින්ම... අනිත් දේවල් හිතන්න පුළුවන් වෙන්නෙ ඊට පස්සේ...

    කො‌ෙහාම උනත් මමත් විරුද්ධයි ඔය විදේශ සේවා කම්පැණි වලින් අර මෙගා නාට්ටි යන අස්සේ, යටින් දාන දැන්වීම් පටි වලට... අම්මපා ඕනේ මෝඩයෙක්ට තේරෙනවා මේ කරන්නේ තනිකරම ගෙවල් වල ඉන්න අහිංසක, මෝඩ ගෑනුන්ව ඉලක්ක කරලා කරන වැඩක් කියන එක... නගරබඳව ඕකේ ඇත්ත තේරුම් ගන්න පුළුවන් අය හිටියත් ගම්බදව නම් තාම ඉන්නවා ඕවට අහුවෙන මෝඩයෝ...

    මගේ නම් අදහස විදේශ සේවා සඳහා නුපුහුණු ශ්‍රමිකයෝ ( ගැහැණු පිරිමි දෙගොල්ලම) යවන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ කියන එක... හොඳට ඉගෙන ගත්ත, වැඩි පඩි සඳහා ලැබෙන රැකියා වලට යවන එක තමයි වැඩිපුර කරන්න ඕනේ.. එක අතකින් ඒකෙන් දැන් 10 දෙනෙක්ගෙන් ලැබෙන විදේශ විනිමය එක්කෙනෙක්ගෙන් ලැබෙනවා... අනිත් එක එයාලා යන්නේ හැම දේටම ලෑස්ති පිට... මේ වගේ කිසි දෙයක් නොදන්න අය යවලා ඇතිවෙන ප්‍රශ්න වලට එයාලා මූණ දෙන්නේ අඩුවෙන්... තව පැත්තකින් බැලුවොත් ඉගෙන ගත්ත අය නිසා පවුල් වල ප්‍රශ්න ඇති කරගන්නවත් අඩුයි...

    මේක හිමින් කරන්න ඕනේ දෙයක්.. එක පාරටම බෑ.... මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි හොර ඒජන්සි කාරයෝ අල්ලලා කූඩු කරන එක.. කොච්චර හොර පාස්පෝට් දවසකට හදනවද කියන එක හැමෝම දන්න රහසක්... උන් තමයි මේ වගේ දේවල් වලට වැඩිපුරම වගකියන්න ඕනේ..... විශේෂයෙන් ගම්වල ඉන්න අඩු වයස් ළමයි, පවුල් වෙච්ච ගෑණු රවට්ටලා, සුරංගනා කතා පෙන්නලා තමන්ගේ වැඩේ කරගන්න දඟලන්නේ මුන් තමයි... ඔය ලොකු ලොකු නම් තියෙන, ටීවී එකේ ඇඩ් දාන හැම ඒජන්සියකම මේ වැඩ කරනවා... ඕවා නැත්තම් ඔය ඒජන්සි පවත්වාගෙන යන්න බෑ...

    අනිත් අතින් මේ එජන්සි වැඩි හරියක පිටිපස්සෙන් ඉන්නේ දේශපාලුවෝ.. ඒක නිසා මං මේ කියපු දේවල් කෙරෙයි කියලා විශ්වාසයක් තියන්නත් බෑ... ඒත් අඩුගානේ ‌මේවා කතාකරන එක්කෙනෙක් හරි මේකේ ඇත්ත නැත්ත තේරුම් ගන්නවා නම්, එකෙන් එක ජීවිතයක් හරි බේරගන්න පුළුවන් උනොත් මං හිතනවා ඒක තමයි කරන්න පුලවන් ලොකුම දේ කියලා....

    ReplyDelete
    Replies
    1. හිරු,
      1) ඕනම අයෙක් නිකන් දෙන දෙයකට (වාසියකට) කැමැතියි. පාලකයා ශ්‍රමය සූරා කෑමට කැමති සේම, තමන්ගෙන් සූරා ගත් ශ්‍රමයෙන් කොටසක් හෝ තමාට යලි හිමි වෙනවාට ශ්‍රමිකයා කැමැති වේ.
      නමුත්,
      2) කම්මැලි මිනිසුන් ලෙස අර්ථ දක්වනුයේ පාලන පංතිය විසින් හෝ ශ්‍රමය සූරා කන අය විසිනි. ඔහුනේ විසින් තක්සේරු කරන වටිනාකමට ශ්‍රමය උපරිමයෙන් සූරා කෑ නොහැකිනම් ඔවුන්ට අනුව ශ්‍රමිකයා කම්මැලියෙකි.

      Delete
    2. මම කම්මැලි‌ෙයා කිව්වේ දේශපාලනික අදහසකින් නෙවෙයි නිර්මලා... අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටම පැත්තෙන්..

      ගොවියන්ට බැංකු ණය දෙනකොට බැංකුව සහ ගොවියා කියන දෙන්නම දන්නවා මෙතන වැස්සක්, නියඟයක් ආවොත් ණය ගෙවා දැමීමේ ප්‍රශ්නයක් එනවා කියලා... නමුත් ගොවියා බය නැතුව ණය ගන්නවා.. හේතුව රජයේ බැංකුනේ... අමාරු අවස්ථාවක ණය කපාහැරීමේ පහසුකම ලැබෙනවා කියලා.. අඩු ගානේ එකෙක් දෙන්නෙක් ණය ගෙවා ගන්න බැරි වෙලා වහ බිව්වම වත්.... බැංකුව දන්නවා රජයේ අරමුදල් නිසා ණය කපා හැරීමේ අපහසුවක් නෑ කියලා.. පෞද්ගලික බැංකු ලේසි ක්‍රමයක් අනුගමනය කරනවා... ඇප නැතුව ගොවියන්ට ණය නොදී ඉන්නවා... එතනදි ගොවියෝ කැමති නෑ ඇප තියන්න.. ඇප තියන්න තරම් දෙයක් ඒ ගොල්ලන්ට නැති වෙන්නත් පුළුවන්... කො‌ෙහාම හරි.. මිනිස්සු මෙතන ඇත්තටම සිද්ධ වෙන දේ ගැන හිතන්නේ නෑ.. ගොවියා හිතන්නේ නෑ ගත්ත ණය ගෙවන්න තමන්ට යුතුකමක් තියෙනවා කියලා... එයා බලාපොරොත්තු වෙන්නේ සහනාධාරය ගැන නිසා... කොච්චර ණය කැපුවක් ආණ්ඩුවෙන් මිසක් බැංකුවෙන් යන්නේ නෑ නේ .. රජය සහනාධාර දෙන්න කිව්වොත් බැංකුව දෙනවා.. අන්තිමට මේවා කොහෙන් හරි ගෙවන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්ටමයි කියන එක හිතන්‌ෙන් නෑ... පෞද්ගලික බැංකු දන්නවා රිස්ක් එකක් ගන්න බෑ කියලා ලංකාවේ ගොවියන්ට ණය දීලා... ඉතිං එයාලා දෙන්නෙ නෑ...

      සමෘද්ධිය ගැන හිතන්න... නිකම් ගෙදරට වෙලා ඉන්න මිනිස්සුන්ට‌ නිකම් සල්ලි දෙනවට වඩා මොකක් හරි දෙයක් කරන්න යොමු කරලා කීයක් හරි හම්බුකරගන්න පොළඹවන්න හදනකොට කී දෙනෙක් ඒකට විරුද්ධ වෙනවද.... නිකම් දෙන ඇට පැකට් ටික ගෙනිහිල්ලා විසි කරලා දාපු, වගාවක් කරන්න ඉඩක් තියෙන කී දෙනෙක් ඇද්ද මේ රටේ... ( ඒ ඇට පැකට් ටිකෙන්, රැ 10000න් මේ වෙනකොට‌ ගොඩක් ඉහලට ආපු අයත් ඉන්නවා මම දන්න...)

      මේ එක දෙයක් විතරයි... මෙතන තියෙන්නෙ කම්මැලිකමක් නෙවෙයිද...

      පාලකයෝ සූරා කනවා කියන එක හැම දේශපාලන ක්‍රමයක් ඇතුලෙම තියෙනවා.. ඒක ධනවාදීද, සමාජවාදීද කියලා වෙනසක් නෑ දැන් පේන්න තියෙන විදියට... අපේ වගේ රටවල ඒක ලේසි වෙලා තියෙන්නේ නිකම් ඉඳන් කන්න බලං ඉන්න මේ මිනිස්සුන්ව පුරුදු කරලා තියෙන නිසා.... ව්‍යවාසායකත්වය කියන එක අපේ මිනිස්සුන්ට පුරදු කරලා නෑ... මාස ගානක් මහන්සි වෙලා ගන්න කුඹුරේ වී ටික කුඹුරට එන අතරමැදියට විකුණලා අතට එන කීය හරි ගන්න හිතනවා වෙනුවට, තව ටිකක් මහන්සි වෙලා තමන්ම ඒ වී ටික හාල් කරලා පොළට ගෙනිහින් වෙළඳපොලේ මිලටම විකුණන්න හිතන ගොවියෝ කී දෙනෙක් විතර ඇද්ද මේ රටේ..... මං දන්න තරමට වැඩි දෙනෙක් නෑ...

      Delete
    3. හිරු :- ඔයා හරි හිරූ... අපේ ගම් බද මිනිස්සු තේරුම් ගන්නෙ ණැතුව නෙමෙයි හිරූ... ඔවුන්ට මුදල් කියන දේ උවමනා වෙලා තියෙන්නෙ... ඒකට හේතුව අපේ රටේ උද්දමනය...

      මම දැන් සතියකට ඉස්සෙල්ල ට්‍රින්කො ගියා... යනකොට කන්තලේට කිට්ටු කරල පාර දෙපැත්තෙ මිනිස්සු එලවලු, පලතුරු තියාගෙන ඉන්නව.. ඒ කියන්නෙ ගෙදර හැදෙන පලදාව... තව ඉස්සරහට යද්දි ගෝනි පිටින් තියාගෙන ඉන්නව...අපි නිකන් බැලුව මොනවද කියල... එලවලු... ගෝනියම රු.50 රු. 75 . ඔන්න තත්වෙ... හැම එලවලුවක්ම... බෝන්චි, මෑ කරල්, වට්ටක්ක.. ඉතින් ඒ මනුස්සයො වස බොන එක සාදාරනයිනේ...

      අපේ රටේ මෙච්චර එලවලු පලතුරු තියෙද්දි... අපේ දේශපාලුවොන්ගෙ මඩිය තද කරන් ගන්න උන් රටින් ගෙනව හැම එලවලුවක්ම... ඉතින් අපේ ගොවියගෙ එලවලු කොහොම විකුනන්නද?? හැම දේකටම වග කියන්න ඕන දේශ පාලුවො...

      Delete
    4. ඉතිං බං පාර අයිනේ තියං අඩු ගානට දෙනවට වඩා දෙයක් කරන්න ඒ මිනිස්සු හිතන්නේ නැත්තේ ඇයි... ? ඇයි ත්‍රීවීල් එකක, බයික් එකක හරි පටෝගෙන නගරබද තැනකට ඇවිත් ඒ ටික පාරේ අයිනේ තියං හරි විකුණන්න හිතන්නේ නැත්තේ.. ඔය ලොරි වල පටෝගෙන ඇවිත් මෙහෙ කී දෙනෙක් නම් පාර අයිනේ තියං එළවලු පළතුරු, පොල්, තැඹිලි විකුණනව දකිනවද අපි... සමහර විට ස්ථාවරව තියෙන කඩේකට වැඩිය ටිකක් ගණං අඩු වෙන්න පුළුවන්.. ඒත් මං දැකලා තියෙනවා එහෙම විකුණන ලොරි වල එහෙම බඩු මාර ඉක්මණට ඉවර වෙනවා... ලාබයක් නැත්තම් එහෙම කරන්නේ නෑ නේ....

      Delete
    5. අනේ හිරුවෝ ඔයා කුනු හර්ප කතා කොරනවා... දෙවියනේ.. අපි දබුල්ලට ආව එලවලු වල මිල ගනන් බලන්න.... ගෝනි කුණු ගොඩේ.... විසි කරල.... ගොවියො ගෙවල් වල යන්න සල්ලි නැතුව මුට්ට කර ගහනව.... බඩු ගෙනාපු වාහන වලට දෙන්න සල්ලි නැතුව... පිට පලාත් වලින් ආපු වාහන වලට... නිකන් එලවලු ගෙනිච්චෙ සමහර අය...

      Delete
  4. //අම්මල රට ගිහාම පුතාට උගන්නන්නෙ කවුද?//
    මම රට යන එක හොඳය කියනවා නොවේ.
    නමුත්, ඔවුන්ට රට යන්න කියනුයේ දරිද්‍රතාවය විසිනුයි. ඇය රට නොගෙස් මෙරටේ රැකියාවක් කළා කියලා දරුවන්ට උගන්වන්නේ කවුද? අධ්‍යාපනයත් දිනෙන් දින විකෙනෙමින් පවතින මෙවන් රටක, දුප්පත්කම උරුම කරුමයක් වූ පවුලකට දරාගත හැකිද?
    වෛද්‍ය පහසුකම් දරා ගත හැකි ද?
    ඇය රට නොගෙස් රෙටේ සිටියහොත් අපේ රටේ අසීමිතව පුච්චන තෙල් සඳහා මුදල් ගෙවන්නේ කවුද (කුහක අදහසකි). එතනට සුදුසු වැඩ පිළිවෙලක් රජය විසින් හඳුනාගෙන ඇති ද? නැහැ? එබැවින් මේ සියලු රටේ පවු තවමත් ඇයවන් උදවිය දරනු ඇත.
    බලවතුන් විසින් 2005 දී බලයත් සමඟ විදේස් ශ්‍රමික කාන්තාවන්ට විශ්‍රමයක් ලබා දෙන බව පවසා තව දුරටත් රු 1,500/- කට ආසන්න මුදලක් ගසා කෑ සිද්ධියක් ද මට මතකය.

    ReplyDelete
    Replies
    1. නිර්මලා.... මම පුතාලට උගන්නන්නෙ කවුද කියල අදහස් කලේ පොඩි දරුවන්ට ඕන මවකගෙ උනුසුම... ඔයා මම ඇතුලු ලංකාවෙ වඩි පිරිසක් මවකගේ රැකවරණය ලබල.. ආදරය ලබල.. හොද නරක කියන දේ මොකද්ද කියල දැන ගෙන...තමයි සමාජ ගත වෙන්නෙ... එහෙම නැති අය සමාජ ගත වෙන්නෙ හොද අය විදියට නෙමෙයි... (වැඩි ප්‍රතිශතයක් නරක විදියට හැසිරෙන) මම අන්න ඒක අදහස් කලේ.. අනික මට හිතෙන විදියට කවමදාවත් අම්ම කෙනෙකුගෙන් ලමයෙකුට ලැබෙන ආදරය සෙනෙහස මේ ලෝකෙ කාගෙන්වත් ලැබේවි කියල.. ඔයා නිකමට හිතල බලන්න.. ඔයා ඉස්කෝලෙ යන කාලෙ මුරන්ඩු සහ වලි වලට යන අය.. නරක වැඩ කරන අය, (වැඩි පිරිසක්)
      අම්ම රට හෝ වෙනයම් කරුනක්... මම ඒකයි අදහස් කලේ... දැරුවෙක් ඉගෙන ගන්න මවක් ලග ඉන්න ඕන... පියෙක් මහන්සි වෙලා මුදල් උපයන්න ඕන... නීතියක් නෙමෙයි... නමුත් වෙන්න ඕන ඒකයි... නමුත් දැන් රට යන්නෙ මව.. කකා බිබී මෙහෙට වෙලා ෆන් ගන්නව තාත්තල... කවුද වැරදි....

      අන්තිමට කියන්නෙ අපිම තමා වැරදි...

      Delete

ඔක්කොම බැලුවනම් කොමෙන්ටුවක් දාල යන එක නේද ඔහෙලගෙ යුතුකම....

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)