ඔන්න යාලුවනේ මගේ ජීවිතේ අවසානය කරා ටික ටික ලං වෙනව... මෙන්න ඉස්සර ජීවිතේ .....
01. පප්ප බයිසිකලය...02. එපාම කරපු කාලෙ....03. සොදුරුම සමය....
මෙන්න මේවත් බලල ඉන්නකො බලපු නැති උදවිය...
ඔන්න මම ඕලෙවල් පාස් වෙලා.... ඒ ලෙවල් කොරන්ට හිතාගෙන කොලඹ ඉස්සර ගියපු පාසලට නැවත පැමිනියා... මේ පාර මට මේ ජීවිතෙන් ගැලවිලා යන්න විදියක් නෑ කියල හිතුනෙ මම ගාල්ල නගරෙට ඇවිත් කොලබට එන බස් එකේ නැග්ගම... මට සමු දෙන්න අපේ පාසලේ යාලුවො ටික, මිස්ල සර්ල එකතු වෙලා පොඩි පාටි එකක් දැම්ම...
( විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව... තාමත් උප විදුහල්පතිව ඉන්න සෝමරත්න ගුරු පියානන් මට ලගදි... (ගිය සතියෙ) කෝල් කරල ඉස්කෝලෙට ඇවිත් යන්න කිවුව.. අපේ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකලු... 2013.02.15 දා... තව දෙයක් මට සර් කිවුව.. මට ඇත්තටම ඇඩුන... ඒ සර් මෙන්න මෙහෙම කිවුවෙ..
" අනේ පුතේ අපිට දැන් යන්න කාලෙත් හරි නෙ... අපි ආසාවෙන් ඉන්නෙ පුතාල ටික බලන්න... කොහොමහරි එන්න... නැත්තම් කවද හමුවේද කියල දන්නෙ නෑනෙ... හැමෝම ආසාවෙන් ඉන්නෙ ඉස්සර හිටපු ළමයි ටික බලන්න... අපි හැමදාම අනිත් ළමයිට කියන්නව මෙන්න මෙයාල වගේ හැදෙන්න.. හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න කියල..." ඒ සර් මගෙන් තව විස්තර ගොඩාක් ඇහුව... මට මතක හැටියට පැය බාගයක්වත් කතා කරන්න ඇති....)
නමුත් මේ කාර්යබහුලත්වයත් එක්ක මට නිවාඩු ගන්න බෑ.... ඒක නිසා මට යන්න උනේ නෑ... මගේ යලුවොනම් ඇවිත් තිබුන....
දැන් පල් හෑලි කියෙවුව ඇති නේ.... ඔන්න මම ආපහු කතාව පටන් ගන්නව...
ඔන්න මට ගාල්ලෙන් යන්න කාලයත් උදාවුනා... මම අනන්තවත් යන්න බෑ කියල අඩල තියෙනව.. මගේ යාලුවො අපේ අම්මට තාත්තට ඇවිල්ල කියල තීයෙනව මම කොලබ එක්කරගෙන යන්න එපා කියල... නමුත් කොහොමෙන් කොහොම හරි මට කොලබට යන්න උනා....
මම ආපහු මම ඉස්සර ගියපු ඉස්කෝලෙටම ඒ ලෙවල් කරන්න ගියා... එතකොට මම ඒ පාසලට අලුත්... ඒකෙ ඉස්සර ඉදන් හිටපු අය අපිට රැග් දෙනව,, ඇත්තටම මට ඒ පාසල මුල් අවුරුද්ද යනකම් එපාම කරපු පාසලක් බවට පත් උනා... මට මැරෙන්න හිතුනු වාර අනන්තයි... තනියෙන් බෝඩ් වෙලා... එපාම වෙලා තිබුනෙ.... නමුත් මගේ ජීවිතේ එහේට හුරු උනා... මට යාලුවො ඇති උනා... නමුත් මට මුල කියන දේ අමතක උනේ නෑ... තාමත් නෑ.... මට ගාල්ලෙ යාලුවන්ව මතක් වෙලා බෝඩිමේදි ඇඩුනු වාර අනන්තයි... තනිකමෙන් හිටපු අවුරුද්දක්... මම කොහේ කියල යන්නද... ඉස්ස්කෝලෙ ගියා ... පාසල් ගියා... බෝඩිමට වෙලා නිදියනව.... ඉස්සර කොම්පීටර තිබුනෙත් නෑනෙ.... ඔන්න ඔහොම තමා පලවෙනි වසර ගෙවුනෙ....
මට කියන්න අමතක උනානෙ.... මට යාලුවෙක් හිටිය හොදම එකෙක්.... ඔන්න ඒකත් අහ ගන්න......
ඔන්න මම කොලබට ආපු අලුත මම පන්ති ගියේ ගම්සභා හංදියෙ තියෙන සුභද්රාරාමයට. ඒකෙ ගිණුම්කරනය කලේ සුපුන් වික්රමසිංහ ගුරු පියානන්.. ඔහුට වයස 25 ක් විතර ඇති... ඔහුගෙ මල්ලි කෙනෙක් ආව ඔය පංතියට... ඔහුගෙ නම සජිත්...ඔහු තමා මගේ හොදම යාලුව ( දැනටත් අද වනතුරු).. මම මුලින්ම ඒ පංතිය පටන් ගත්තු දවසෙ ගියෙ නෑ... ඊට පස්සෙ සතියෙ තමා ගියේ....එදා මට මග ඇරුනු නෝට් ටික ඉල්ල ගත්ත... අපි හිටියෙ ඉස්සරහම පේලියෙ... මුල් මාස දේකේ හිටියෙ ලමයි 10 ක් විතර.. පස්සෙ පස්සෙ වැඩි උනා... ඔන්න මගේ යාලුව ගැන විස්තරයක්..
උගේ නම සජිත් ...
ඉස්සර හිටියෙ පැපිලියාන පැත්තට වෙන්න...
උගේ ගෙදර ඉන්නෙ අම්ම තාත්ත නංගි...
ඔන්න ඔහොමයි පවුල...
දැන් ඉන්නෙ හෝමගම පැත්තට වෙන්න...
ඌ ගියේ ඉසිපතනෙට...
තව විශේෂ කතාවක්...
සජියගෙ අම්ම මට මෙහෙම කිවුව ලගදි දවසක. " ඔයා දන්නවද පුතේ ඔයා තමයි මුලින්ම අපේ ගෙදරට සජියගෙ යාලුවෙක් කියල ආවෙ.. මෙච්චර කල් එයාගෙ යාලුවෙක් අපේ ගෙදරට ඇවිත් නෑ කියල...'' මට හික් ගැවුනා.... අඩෝ මම එච්චර ඩයල් එකක්ද කියල...
""""""මට තව මොනව හරි කිවුවනම් මට 100% ශුවර් මම මුරුංග් අත්තෙන් බිමට වැටෙනව.. මොකද මම එතකොටත් හිටියෙ.. අග්ගිස්සෙ..."""""
ඔන්න ඊට පස්සෙ මට ඉස්ස්කෝලෙත් යාලුවො සෙට් එකක් සෙට් උනා. මට තාම මතකයි මම ඉස්කෝලෙ ගුටිකාපු තරම්... අනේ මන්ද මොකට ගුටි කෑවද කියල... මට දැන් ඉන්න ඉස්කෝලෙ සෙට් එක.. උනුත් දැන් මගේ හොදම යාලුවො බවට පත් වෙලා. කාලයේ ඇවෑයමෙන්..
01. විරාජ්
02. සජිත්
03. චමිර
04. පී.ටී
05. ගිහාන් ... ඌ දර්මපාලෙ(කොට්ටව)
ඔන්න දැන් ඉන්න සෙට් එක... සජිය දැන් ඉන්නෙ නැවක සෙකන්ඩ් ඔෆිසර් කියන තනතුරේ.. ඌ දැන් ලබන මාසෙ ලංකාවට පය තියනවලු... ඌ තමා අපේ සෙට් එකෙන් වාසනාවන්තම එකා... එකා උනාට ඌ යකා...ඔන්න මගේ යාලුවො.. දැනට කොලබ යාලුවො ඔච්චරයි... මම කියන්නෙ බොක්කෙ.... නැත්තම් ඉන්නව හැට හුට හමාරක් විතර....
අපි සෙට් එකම ඌ එනකන් මග බලාගෙන ඉන්නෙ... මල් ගල් ගහල පිලිගන්න....
අපේ සෙට් එක දැන් ඉතාම හොද තත්වෙක ඉන්නව.... පුලුවන් පුලුවන් වෙලාවට හමුවෙනව..
මේන් අපි කොරපු පිස්සු වැඩ...
මේ ඉන්නෙ අපේ පාසලේ යාලුවො සෙට් එක සහ පාසල...
මෙන්න මම කියපු පංතිය... මේ ඉන්නෙ අපේ ගුරු ජී... මේ ඔහුගෙ කාර් එක... මම හිතෙන විදියට මමද කොහෙද ඔය කාර් එක පැද්දෙ ( ලමයෙක් වශයෙන්)..
මූ තමා අනුරාධ.. ඉන්නෙ රත්මලානෙ... අමු පිස්ස.. පට්ට ගති ඩයල් එක...
මෙන්න සජිය.. සර්ගෙ මල්ලි....
එක බත් පත බෙදාගෙන කාපු කාලෙ... ඇත්තටම සුන්දර මතකයන්... හැබැයි සතුටු වෙන්න කාරනයක් තියෙනව.. තාමත් ඒ පුරුද්ද නැති වෙලා නෑ... තාම අපි ඔහොමම තමා... මස් කෑල්ලට හරි බිත්තරේට හරි තමා මුලින්ම පනින්නෙ...
මේ ඉන්නෙ ඕශි... සහ පබා.... මුන් දෙන්නම කැම්පස්.. එක්කෙනෙක් ඉන්දියාවෙ...
ඔන්න පිරිමි පුලුටු ටික ( මුල්ම අවුරුද්දෙ)
මේ ඉන්නෙ ප්රබෝද..( අමු පැනිය) ජොබ් විතරක් කරා 500ක් විතර... මූට එක තැනක ඉන්න බෑ මාසයක්... දැන් කොරියා කියල තම ආරන්චිය.. කෙල්ල තමා දතා...ඇත්ත නම පවිත්රා...
මේ ඉන්නෙ මම සජිය සහ විරාජ් ගිහාන් ... මේ පාටි එක් සජිය රට යන දවසෙ සහ උගේ බර්ත් ඩේ පාටි එක..
මේ ඉන්නෙ රිලවු ටික... විරජ් මම සජිත්... නාච්චිමලේ නාන්ට ගොහිල්ල ගෙදර වතුර කපපු කාලෙ...
ඔන්න ඔහොමයි මගේ කොලබ ජීවිතේ තවමත් ගෙවෙන්නෙ... දැන් අපේ පවුලෙ හැමෝම කොලබ ඉන්නෙ...
මගේ ජීවිතේ රසමුසු තැන් මම තව ඉස්සරහට ගෙන එන්නම්... එතකන් මම නවතිනව...
02. සජිත්
03. චමිර
04. පී.ටී
රස බර අතීතයන සුන්දර මතක සටහන් පෙළක්ම අපුරුවට ඉදිරිපත් කර තිබෙනවා. ආසයි මෙවන් ලිපි කියවන්න.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
බොහොම ස්තුතියි නලීන් අයිය කොමෙන්ටුවට...
Deleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
Delete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK cV
හ්ම්ම්ම් බොහොම ලස්සන පාසල අවදියක්නේ ගතකරලා තියෙන්නේ. අපිට මෙහෙ ඔය අතදකීම් ගණන් ක්රමයක් තිබුනේ නැහැ. කොහොමටත් බොක්කේ යාළුවො කියන්නේ නිතරම ලඟින් ඉන්න ඕනේ උන්.
ReplyDelete?කෝරලේ වලව්ව
බොක්ක කියන්නෙ බුදු බොක්ක.... ඇත්ටටම ඒ කාලෙ සුන්දරයි....
Deleteඅර විදිහට බත් කන එක නම් හෙන ෆිට් වැඩක්.. අතීතය මතක් වුනා. පට්ට සුන්දර කාලයක්.
ReplyDeleteබොහොම ස්තුතියි කොමෙන්ටුවට... අතීතය සිහිනයාක් පමනයයි... මටත් හිතෙනව ආපහු ඒ කාලයට යන්න තියෙනවනම් කියල...
Deleteහි හි නියමයි අයියේ අපි නමි තාමත් ඔහොමලු බත් එක කන්නේ!
ReplyDeleteඅදමයි කොමෙන්ටුවක් දැමිමෙ මයෙ හිතේ මෙහේ
බොහොම ස්තුතියි කොමෙන්ටුවට... දැන් පාර තියෙනෙවනෙ.. ආපහු එන්න මේ පැත්තෙ.... එහෙම බත් කද්දි පට්ටම ආතල්... බඩත් පිරෙනව.. රසත් වැඩියි...
Deleteපොච්චියේ මේ උදේ හවා දකින ඉස්කෝලෙක හිටපු කොල්ලෙක්නේ.. පිරිමි යාළුවන්ගේ පින්තූර දැම්මට නම් ප්රශ්ණයක් නැතුව ඇති..ඒත් ගෑණු ළමයින්ගේ පින්තූර මෙහෙම දමන එක හොඳද මන්දා...
ReplyDeleteපරන සුන්දර පාසැල මතක කවදාවත් මතකයෙන් නම් මිදෙන එකක් නෑ..
එහෙනම් අපිව එහෙම අදුරනවත් ඇති.... මම හිතන්නෙ පිරිමි ගැහැනු කියල බේදයක් නෑ පාසල් සමයෙ... නමුත් වැඩිවියට පත් වෙද්දි ටිකක් වෙනස් වෙනව... කතාබහ, ඇදුම පැලදුම, නොයෙකුත් දෙවල්... නමුත් මම තාමත් මේ ගෑනු ලමයෙක්ට කෝල් කලොත්... ආන්සර් කරපු ගමන් කියන්නෙ" අම්මට සිරි උබලට අපිව මතකයි නේ... ඉතින් ඉතින් උබල මොකො කරන්නෙ" ඔන්න ඔහොමයි අහන්නෙ...
Deleteමටත් මේක කියවද්දී ඉස්කෝලේ කාලේ මතක් වුනා...හැබැයි ඔන්න මම නම් මේ පාර ස්පෝර්ට් මිට එක බලන්න ගියා..ස්පෝර්ට් මිට එක බැලුවට වඩා කරේ අපේ පරණ පිස්සු දේවල් මතක් කර කර හිනා වුනු එක..යාලුවෝ ටික ඔක්කොම ගොඩ කාලෙකින් හම්බුනාම හිතට එන සතුට කියලා නිම කරන්න බෑ..
ReplyDeleteමට යන්න උනේ නෑ සිම්බ මලයා... අධික කාර්යබහුලත්වයත් එක්ක... ඇත්තටම දුකයි...
Deleteඅර කොළ පාට බිල්ඩින් එක දැක්කාම හිතුනා මන් ගිහින් තියෙන ඉස්කෝලයක් වගේද කොහෙද කියල ගේට්ටුව දැක්කාම තමයි මතක් උනේ... අඩේ ගිහින් තියෙනවනේ කියලා...
ReplyDeleteකියාගන්න බැරුවද ඔය පැත්තෙ ගියෙ... කාට මොනව කියන්නද ගියේ... ගිහිල්ල යහතින් ආවද?
DeleteThis comment has been removed by the author.
Deleteකියාගන්න බැරුව නම් නෙමෙයි ඒ පැත්තට ගියේ..... අපේ සංගමේ මොකක්ද වැඩකට ...
Deleteඔයාලගෙ සංගෙමයක් අපේ ඉස්කෝලෙ කොහින්ද... මොන කාලෙ වගේද... 1970 දශකයේ වගේද??
Deleteතිබුනා තිබුනා තාම තියෙනවා ... හම්මෝ පිස්සුද ඒ වෙනකොටනම් මන් ගිය ආත්මේ තමයි .... අපි ආවේ 2007 වගේ
Deleteපරණ සීන් ලොවෙත් බං! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුභ පැමිනීමක් මහ රජ තුමනි... ඔබගේ පැමිනීම මට මහත් ආඩම්බරයක්...
Deleteමේ අඩවිය ලෝඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනව බං.
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවට.. මොකද්ද ඒකට කොරන්න ඕන..
Deleteහෆ්ෆා.. අදයි මෙහාට ගොඩ වුනෙ... :) ලෝඩ් වෙන්න වෙලා යන්නෙ ගැජය් වැඩි හින්දා වෙන්නැති!! ලස්සන බ්ලොග් එක ඒ වුනත්... :)
ReplyDeleteමුලින්ම කියවපු මේ ලිපිය කියෙව්වාමනම් මාවත් ආයෙත් අතීතෙට ගියා.. ඉස්කෝලෙ යන දවස් වල අකමැත්තෙන් ගියාට මොක්ද, දැන් තමා ලෝබ හිතෙන්නෙ :)
අපි නම් ඔය ඉස්කෝලෙට හුරතලේට කියන්නෙ වෙන නමක්.. ;) හික් හික් හික්...
සාදරයෙන් කෑදරයෙන් ආදරයෙන් පිලිගන්නව මගේ නිවසට...
Deleteමම දන්නෙ නෑනෙ මේ ගැජට් අඩු කොර ගන්න... කීප දෙනෙක්ම කිවුව පට්ට ස්ලෝ කියල... ඉස්කෝලෙ යන කාලෙ බැනපු නැති එක්කෙනෙක් නෑ... දැනුයි රගේ තේරෙන්නෙ....
ඔයා අපේ ඉස්කෝලෙ ගැන දන්නවද?? එහෙම නැත්තම් ඔයාට යාලුවො කියන පෙට් නේම් එකද??
@ හිතුවක්කාරී :අපෝ මං උඹලාගේ ඉස්කෝලේ එකීලා ගැන දන්නවා නේ අනිවා හොද අලුගුත්තේරු නමක් කියන්න ඇත්තේ :)
Deleteහෆ්ෆූ..පිස්සු ඩයල් ටිකක්..)))))))))
ReplyDeleteබොහොම තුති මේ පැත්තෙ ආවට...
Deleteඅෆේ සෙටාර් එකද... කියල වැඩක් නෑ.... පිස්සුම සෙට් එකක් තමා...
උඹල ගස් උඩ ඉන්න හැටි දැක්කම අපිත් කැලේක ගිහින් ගත්තු ෆොටෝ එකක් මතක් උනා.
ReplyDeleteබ්ලොග් එකට දාපු ස්ක්රිප් එකක අවුලක් තියනව ද කොහෙද මචෝ. මේකට ආවම මවුස් පොයින්ටර් එක කොයි වෙලෙත් බිසී. රාජ් කියල තියන්නෙත් ඒක වෙන්න ඇති. //දැන් මාව බලන කට්ටිය... ලෝකෙ වටේ මගේ කට්ටිය......// ඕවා එකක් දෙකක් තාවකාලිකව අයින් කරලා බලපන්.
Deleteබොහොම ස්තුතියි සහෝ... මම අයින් කලා.. මට කියනවද මවුස් පොයින්ට් එක වෙනස් කොරන්ට ක්රමයක්..
Deletehttp://nishshankaruwan.blogspot.com/2012/08/blog-post_24.html
Deleteමං ඕක දාල බැලුවේ නම් නෑ. කරන්න කලින් ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න එක ඇඟට ගුණයි.
ඉස්සෙල්ලම Design ගිහිල්ල Template වලට යන්න..
එතනින් Backup/ Restore ගිහින් Download Full Template කියන එක ක්ලික් කරලා බ්ලොග් එකේ Full Template එක බැකප් කරන්න..
මචං වැඩේ ගොජ.. බොහොම පින් අයිති වෙත්වා..
Deletepissu kollek ne ban ela ela ela
ReplyDeleteඅම්බෝ උබත් ඇවිල්ලනෙ.... එල එල....
Deleteඋ/පෙ කියන්නේ ජිවිතේ අමතක කරන්න බැරි කාලයක්.අම්මට සිරි දන්නා කියන ඉස්කෝලෙකට නේ ඇවිත් තියෙන්නේ
ReplyDeleteඅතීත සැමරුම් ලස්සනයි. ඉස්සරෝම ආවෙ නැවත එන්නම
ReplyDeleteජීවිතය සුන්දරයි.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ජීවිතය සුන්දරයි.... >>>>> Download LINK
>>>>> Download Now
ජීවිතය සුන්දරයි.... >>>>> Download Full
>>>>> Download LINK