නිතර දෙවේලේ යන එන තැන් ....

Monday

21 සෝමා.

මාගේ මෙම මතකය ඇදී යන්නේ 1992 වසරටයි... ඒ මා ඉපිද අවුරුදු 02 කි... මෙහි යම් මුල් කාලයේ වූ සිද්දීන් මා සමග පැවසුයේ මාගේ මවයි... මන්ද මාගේ මතකයට සෝමා පැමිණෙන්නේ මාගේ වයස අවුරුදු 4 පමණ වන විටයි...

සෝමාගේ ගම ඉමදුව බටේමුල්ල ප්‍රදේශයයි... ඈට සහෝදරයින් තිදෙනෙක් සහ එක් සහෝදරියක් සහ දෙමාපියන්ගෙන් ශක්තිමත් වූ පවුල් සංස්ථාවක් තිබුනි..

ඈ සමාජය ගැන මෙන්ම අධ්‍යාපනයෙන්ද දැනුමක් නොලද ඈ කඩයකට ගොස් යමක් මිලදී ගැනීමට පවා නොහැකි මට්ටමකට ඈ පත්වී තිබුණි..

ඈ මන්දමානසික යුවතියක් නොවේ.. නමුදු ඈ සමාජයට බිය විය...

එක් දිනක් ඈ ඉමදුව බටේමුල්ල ශීක්ෂණ රොහලට ඇගේ මව සමග පැමිණියාය..

ඈ එවිට පස් මස් ගැබිණියෙකි.. ඇගේ මව ඈට ආදරේ නමුදු ඇගේ සහෝදර සහෝදරියන් ඈ නයාට අඳුකොළ මෙනි..

ඈ කෙසේ කාගෙන් අතවරයට පත් වූවාද කියා කවුරුවත් නොදනී.. ඈ ද බයෙන් බිරන්තට්ටු වී සිටී..

ඈ එදින රැය රෝහලේ ගත කළාය.. මන්ද ඈට සහෝදරයින්ගෙන් මරණීය තර්ජන ඇතිවූ හෙයිනි...

එදින රැය මාගේ මවගේ වැඩ මුරයයි.. සෝමා සමග මාගේ මව කතා කළද ඇගෙන් යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඇයගේ මවගෙන් විස්තර අසා දැනගත්තාය..

ඈගේ මව වැලහින්නියක් සේ අඩමින් කියා ඇත්තේ සෝමාගේ සහෝදරයින් ඈ නිවසට ගෙන ගියහොත් මරණ බවයි..


ඒ හේතුව නිසා මාගේ මවගේ ඒකමතික තීරණය මත ඈ අප නිවසට රැගෙන ආවාය..

ඈ රැගෙන විත් මාස 05 කින් පමණ ඈ ඇගේ කුළුඳුල් පුතණුවන් මෙලොවට බිහිකලාය...
ඔහු "චමීර" නම් විය...

ඔහු මට වඩා අවුරුදු දෙක හමාරක් පමණ වයසින් බාල විය...


Tuesday

32 අනුරාධපුර දෙවැනි ගමන....


        

මෙන්න පළවෙනි ගමන..

දැන් කියන්නෙ දෙවැනි ගමන ගැන... මේ ගමන ගියේ 2014.02.10 දා තමා ගියේ.. ගෙදරින් පිටත් උනේ උදේ පාන්දර 03.30 ට විතර..

අපි ගියේ මමයි අනිත් සයිට් එක මොනිටර් කරන ගර්ල් කෙනෙකුයි රියදුරුතැනයි....


අපි 7.30 ට විතර "රැඹෑව" කිට්ටුව "නෙළුම් කෝලේ" කියන කඩෙන් කන්න නැවැත්තුවා... පට්ටම ලස්සන තැනක්... කියල වැඩක් නෑ... රස උපරිමයි... අනික අම්බෝ.... හීතල... දතකට පූට්ටු වෙන්නම හීතල දැනුනා...
මේ තියෙන්නෙ ඒකෙ ඇතුලෙ තිබුන මා නොදන්නා නමුදු ගොවිතැන සදහා යොදාගන්නා ආම්පන්න සෙට් එකක්....







ඔන්න එතනින් කෑව කියන්න උගුරට වෙන්නම කෑව.. පට්ට රසයි කෑම ටික....


මෙන්න අනුරාධපුරයට හිරු නැගෙද්දී...



Sunday

40 ♥♥♥ මතක් වෙද්දි ඇග කිළිපොලා යනවා...♥♥♥



මේ දෙවෙනි එක

දැන් කියන්නෙ තුන් වෙනි එක

ඇඩෙනවා තනි ඇහැට...

අද දවස දන්නවනේ කවුරුත්ම.. අද තමා 2014.02.02 දා...

කාටවත් අද දවසින් වැඩක් නැති උනාට මට අද දවස හෙනට වැදගත්... කොටින්ම කියනවනම් හෙනම මෙවුව එකක් හිතට එන්නෙ....

පදුර වටේ තැලුව ඇතිනේ..

මෙන්න මේකයි සීන් කෝන් එක...

අදට මගෙයි වෙන්න වයිපරේගෙයි (දෝණි) ආදර අන්දරයට වසර තුනක අවසානය සහ හතර වන වසරේ ආරම්භය අද වගේ දවසක තමා යෙදිල තියෙන්නෙ....

ඉතින් මට හිතෙන්නෙ මේ අවුරුද්ද තමා අපේ අවසාන ලවු කරන අවුරුද්ද... ?

බය උනාද... ?ඒක පස්සෙ දැන ගන්න ලැබේවි....

ඉතින් හැමදාමත් වගේ මගේ හිතමිතුරන්ට දෙනවනේ කෑම බීම ඉන්න හිටින්න... අද මොනාද මගෙන් ඕන...

පිස්සු හැදෙයි සද බොදවෙයි... අතීතය මතක් වෙද්දිත් හිනා යනවා... ඉස්සර කරපු පිස්සු වැඩ මතක් වෙද්දි... කොච්චරවත් පයින් ගිහිල්ල ඇද්ද?? කට්ට කාල ඇද්ද?? ගමන් බිමන් ගිහිල්ල ඇද්ද?? පිස්සු නටල ඇද්ද?? වැස්සෙ තෙමිල හිටන් තියෙනවා... පට්ට ආතල් ඒව මතක් වෙද්දි...

හිතට එන සතුට කියල නිම කරන්න බෑ...

මා ආදරෙයි.... මුළු ලොවටත් වඩා....
මා කාටවත්... නෑ එලෙසින් කියා....
සැබැවින් ඒ වගේ....

දවසක් දා හැංදෑවක
පොතක් බලන්නට සිතුනා...
සිතුවෙත් නෑ.....ඒ ජාමෙට...
ඔබව මතක් වෙයි කියලා......

ඔන්න අපි ගියා නුවර දළධා මාලිගාවට...
















































+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)