නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

31 අනේ අපොයි....

මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...

මෙන්න ගත්තු දවස ...


මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...


Thursday

10 යාපනයේ ගතකල කාලය...02

අම්මෝ... ඔන්න මම යාපනේ ගත කරපු කාලයේ වෙච්චි සුන්දර මතකයන් දෙවෙනි කොටසෙන් ගෙනාව... මෙතනින් ගිහිල්ල  01 බලල එන්නකෝ....

ආ ඊට ඉස්සෙල්ල කියන්නම්කො යාපනේ බලන්න තියෙන තැන් ටිකක්....

01. යාපනේ කොටුව (ඒක තියෙන්නෙ යාපනේ ටවුන් එකේමයි..)

02. නල්ලූර් කෝවිල (ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 03 ක් වගේ යන්න ඕන)






03. යාපනය කෞතුකාගාරය..(ඒක තියෙන්නෙත් යාපනේ ඉදල පොයින්ට් පේදුරු පාරෙ කිලෝමීටර් 02 ක් වගේ යන්න ඕන)

Wednesday

21 යාපනයේ ගතකල කාලය... 01




ඔන්න මම අද කියන්න යන්නෙ අපි (අපි කිවුවෙ මමයි.......... මගේ........ වෙන්ට වයිපරෙයි...) යාපනයේ ගතකල අවුරුද්දක කාලය ගැන... අම්මෝ... කියල වැඩක් නෑ....

අපි හරියටම යාපනේ ගියේ 2011.08.16 වෙනිදා රෑ.. මම ගමන පටන් ගත්තෙ වැල්ලවත්තෙ නේවි කෑම්ප් එක ලග තමා යාපනය බස් නවත්තන්නෙ... මම බස් එකට නැග්ගෙ 7.30 ට. ඒ බස් එක තමා ඩී.එස්. ගුණසේකරට අයත් ඒ.සී බස් එකක්... ඒකෙ ඒ කාලෙ ටිකට් එකක මිල 1000.00යි. දැන් කොහොමද දන්නෙ නෑ... ඔන්න කොහොම හරි මම තමා ටිකට් බුක් කලේ.. ටිකට් 03ක් ගත්ත... කවුද බොලේ 03ක්.. මමයි, මගේ ගෑනු ලමයයි, එයාගෙ තාත්තයි...

ආ කියන්න බැරි උනා... ඒ වෙනකොට එයාලගෙ ගෙවල් වලින් අපි දෙන්න යාලුයි කියල දන්නෙ නෑ...

එයා මාත් එක්ක එවන්න ප්‍රදානම හේතු 02 ක් තිබුන...

01. එයා ට්‍රේනින් වැටිල තිබුනෙ සෝමාවතිය පැත්තට වෙන්න ලොකු කෑලෑවක් ඇතුලෙ හදන ලොකු බ්‍රිජ් එකකට.. ඒ කියන්නෙ මහවැලි ගග යා කරල තමා ඒ පාලම හදන්නෙ... ඒකට යන්න බැරි නිසා...

02. තමා මගේ අයියා යටතෙ තමා ඔය මම ට්‍රේනින් වැටුනෙ... ඒක නිසා බය වෙන්න දෙයක් නැති නිසා තමා එයා මා එක්ක එවුවෙ...

ඔන්න දැන් හරිනෙ... ඔන්න මුල්ම යාපනයෙ යන දවස නිසා... තාත්ත ආව එයාව ඇරලවන්න... එතකොට මුළු බස් එකටම හිටියෙ 10ක් වගේ.. යාපනයට යනකම්... මොකද ඒ වනතුරු ජනතාව යාපනයෙ යන්න බය නිසා වෙන්න ඇති.. දන්නෙ නෑ...

ඔන්න ඒ දෙන්න ගත්තෙ මීගමුවෙන්..ඔන්න ඔක්කොම නැගල යනවා යනවා ඉවරයක් නෑ.... අනේ අපොයි... එපා උනා... ඔන්න මගදි කන්නත් නැවත්තුවා... කාල බීල ආපහු යනවා... යනවා... යනවා.... ඉවරයක් නෑ.... ඔන්න කොහොම හරි ඊලග දවසෙ උදේ 7.30 විතර වෙනකොට යාපනය ටවුන් එකෙන් බැස්සා... අම්මෝ... දැනෙන සනීපෙ....

ඔන්න කොහොමෙන් හරි පාරවල් එහෙම හොයාගෙන ආව චුන්නාකම් කියන පොඩිම පොඩි නගරයකට... එතන තමයි හෙඩ් ඔෆිස් එක තියෙන්නෙ... එතනට එන්න යාපනේ ඉදල කන්කසන්තුරෙයි පාරෙ කිලෝමීටර් 15 ක් විතර එන්න තියෙනව...

ඔන්න කොහොම හරි ඔෆිස් එකට ආව විතරයි එතන ඉන්න එවුන් දන්නව මම මග එනකොට.. අපේ එකා මුළු යාපනේම කාල... මාවත් කාල... මගේ චරිතෙත් කාල, ඔක්කොම කාල, මාව විනාශ කරල... ඔන්න අපේ එකාගෙ හැටි.... ඔන්න එතනින් බයිට් වෙවී ඉන්නව... ඔන්න එයාලගෙ තාත්තත් අපහු ගියා කොලඹ..

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)