නිතර දෙවේලේ යන එන තැන් ....

Saturday

36 නැවතත් නරකාදියට...

ඔන්න යාලුවනේ මගේ ජීවිතේ අවසානය කරා ටික ටික ලං වෙනව...  මෙන්න ඉස්සර ජීවිතේ .....


01. පප්ප බයිසිකලය...02. එපාම කරපු කාලෙ....03. සොදුරුම සමය....


මෙන්න මේවත් බලල ඉන්නකො බලපු නැති උදවිය...


 ඔන්න මම ඕලෙවල් පාස් වෙලා.... ඒ ලෙවල් කොරන්ට හිතාගෙන කොලඹ ඉස්සර ගියපු පාසලට නැවත පැමිනියා... මේ පාර මට මේ ජීවිතෙන් ගැලවිලා යන්න විදියක් නෑ කියල හිතුනෙ මම ගාල්ල නගරෙට ඇවිත් කොලබට එන බස් එකේ නැග්ගම... මට සමු දෙන්න අපේ පාසලේ යාලුවො ටික, මිස්ල සර්ල එකතු වෙලා පොඩි පාටි එකක් දැම්ම...



( විශේෂයෙන් කියන්න දෙයක් තියෙනව... තාමත් උප විදුහල්පතිව ඉන්න සෝමරත්න ගුරු පියානන් මට ලගදි... (ගිය සතියෙ) කෝල් කරල ඉස්කෝලෙට ඇවිත් යන්න කිවුව.. අපේ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකලු... 2013.02.15 දා... තව දෙයක් මට සර් කිවුව.. මට ඇත්තටම ඇඩුන... ඒ සර් මෙන්න මෙහෙම කිවුවෙ..


" අනේ පුතේ අපිට දැන් යන්න කාලෙත් හරි නෙ... අපි ආසාවෙන් ඉන්නෙ පුතාල ටික බලන්න... කොහොමහරි එන්න... නැත්තම් කවද හමුවේද කියල දන්නෙ නෑනෙ... හැමෝම ආසාවෙන් ඉන්නෙ ඉස්සර හිටපු ළමයි ටික බලන්න... අපි හැමදාම අනිත් ළමයිට කියන්නව මෙන්න මෙයාල වගේ හැදෙන්න.. හොදට ඉගෙන ගෙන හොද තැනකට එන්න කියල..." ඒ සර් මගෙන් තව විස්තර ගොඩාක් ඇහුව... මට මතක හැටියට පැය බාගයක්වත් කතා කරන්න ඇති....)


නමුත් මේ කාර්යබහුලත්වයත් එක්ක මට නිවාඩු ගන්න බෑ.... ඒක නිසා මට යන්න උනේ නෑ... මගේ යලුවොනම් ඇවිත් තිබුන....


දැන් පල් හෑලි කියෙවුව ඇති නේ.... ඔන්න මම ආපහු කතාව පටන් ගන්නව...
ඔන්න මට ගාල්ලෙන් යන්න කාලයත් උදාවුනා... මම අනන්තවත් යන්න බෑ කියල අඩල තියෙනව.. මගේ යාලුවො අපේ අම්මට තාත්තට ඇවිල්ල කියල තීයෙනව මම කොලබ එක්කරගෙන යන්න එපා කියල... නමුත් කොහොමෙන් කොහොම හරි මට කොලබට යන්න උනා....


මම ආපහු මම ඉස්සර ගියපු ඉස්කෝලෙටම ඒ ලෙවල් කරන්න ගියා... එතකොට මම ඒ පාසලට අලුත්... ඒකෙ ඉස්සර ඉදන් හිටපු අය අපිට රැග් දෙනව,, ඇත්තටම මට ඒ පාසල මුල් අවුරුද්ද යනකම් එපාම කරපු පාසලක් බවට පත් උනා... මට මැරෙන්න හිතුනු වාර අනන්තයි... තනියෙන් බෝඩ් වෙලා... එපාම වෙලා තිබුනෙ.... නමුත් මගේ ජීවිතේ එහේට හුරු උනා... මට යාලුවො ඇති උනා... නමුත් මට මුල කියන දේ අමතක උනේ නෑ... තාමත් නෑ.... මට ගාල්ලෙ යාලුවන්ව මතක් වෙලා බෝඩිමේදි ඇඩුනු වාර අනන්තයි... තනිකමෙන් හිටපු අවුරුද්දක්... මම කොහේ කියල යන්නද...  ඉස්ස්කෝලෙ ගියා ... පාසල් ගියා... බෝඩිමට වෙලා නිදියනව.... ඉස්සර කොම්පීටර තිබුනෙත් නෑනෙ.... ඔන්න ඔහොම තමා පලවෙනි වසර ගෙවුනෙ....


මට කියන්න අමතක උනානෙ.... මට යාලුවෙක් හිටිය හොදම එකෙක්.... ඔන්න ඒකත් අහ ගන්න......


ඔන්න මම කොලබට ආපු අලුත මම පන්ති ගියේ ගම්සභා හංදියෙ තියෙන සුභද්‍රාරාමයට. ඒකෙ ගිණුම්කරනය කලේ සුපුන් වික්‍රමසිංහ ගුරු පියානන්.. ඔහුට වයස 25 ක් විතර ඇති... ඔහුගෙ මල්ලි කෙනෙක් ආව ඔය පංතියට... ඔහුගෙ නම සජිත්...ඔහු තමා මගේ හොදම යාලුව ( දැනටත් අද වනතුරු).. මම මුලින්ම ඒ පංතිය පටන් ගත්තු දවසෙ ගියෙ නෑ... ඊට පස්සෙ සතියෙ තමා ගියේ....එදා මට මග ඇරුනු නෝට් ටික ඉල්ල ගත්ත... අපි හිටියෙ ඉස්සරහම පේලියෙ... මුල් මාස දේකේ හිටියෙ ලමයි 10 ක් විතර.. පස්සෙ පස්සෙ වැඩි උනා... ඔන්න  මගේ යාලුව ගැන විස්තරයක්..



උගේ නම සජිත් ...
ඉස්සර හිටියෙ පැපිලියාන පැත්තට වෙන්න...
උගේ ගෙදර ඉන්නෙ අම්ම තාත්ත නංගි...
ඔන්න ඔහොමයි පවුල...
දැන් ඉන්නෙ හෝමගම පැත්තට වෙන්න...
ඌ ගියේ ඉසිපතනෙට...


තව විශේෂ කතාවක්...


සජියගෙ අම්ම මට මෙහෙම කිවුව ලගදි දවසක. " ඔයා දන්නවද පුතේ ඔයා තමයි මුලින්ම අපේ ගෙදරට සජියගෙ යාලුවෙක් කියල ආවෙ.. මෙච්චර කල් එයාගෙ යාලුවෙක් අපේ ගෙදරට ඇවිත් නෑ කියල...'' මට හික් ගැවුනා.... අඩෝ මම එච්චර ඩයල් එකක්ද කියල...
""""""මට තව මොනව හරි කිවුවනම් මට 100% ශුවර් මම මුරුංග් අත්තෙන් බිමට වැටෙනව.. මොකද මම එතකොටත් හිටියෙ.. අග්ගිස්සෙ..."""""


ඔන්න ඊට පස්සෙ මට ඉස්ස්කෝලෙත් යාලුවො සෙට් එකක් සෙට් උනා.   මට තාම මතකයි මම ඉස්කෝලෙ ගුටිකාපු තරම්... අනේ මන්ද මොකට ගුටි කෑවද කියල... මට දැන් ඉන්න ඉස්කෝලෙ සෙට් එක.. උනුත් දැන් මගේ හොදම යාලුවො බවට පත් වෙලා. කාලයේ ඇවෑයමෙන්..




                                                  

01. විරාජ්
02. සජිත්
03. චමිර
04. පී.ටී
05. ගිහාන් ... ඌ දර්මපාලෙ(කොට්ටව)



 ඔන්න දැන් ඉන්න සෙට් එක... සජිය දැන් ඉන්නෙ නැවක සෙකන්ඩ් ඔෆිසර් කියන තනතුරේ.. ඌ දැන් ලබන මාසෙ ලංකාවට පය තියනවලු... ඌ තමා අපේ සෙට් එකෙන් වාසනාවන්තම එකා... එකා උනාට ඌ යකා...ඔන්න මගේ යාලුවො.. දැනට කොලබ යාලුවො ඔච්චරයි... මම කියන්නෙ බොක්කෙ.... නැත්තම් ඉන්නව හැට හුට හමාරක් විතර....
අපි සෙට් එකම ඌ එනකන් මග බලාගෙන ඉන්නෙ... මල් ගල් ගහල පිලිගන්න....

අපේ සෙට් එක දැන් ඉතාම හොද තත්වෙක ඉන්නව.... පුලුවන් පුලුවන් වෙලාවට හමුවෙනව..
මේන් අපි කොරපු පිස්සු වැඩ...

මේ ඉන්නෙ අපේ පාසලේ යාලුවො සෙට් එක සහ පාසල... 

මෙන්න මම කියපු පංතිය... මේ ඉන්නෙ අපේ ගුරු ජී... මේ ඔහුගෙ කාර් එක... මම හිතෙන විදියට මමද කොහෙද ඔය කාර් එක පැද්දෙ ( ලමයෙක් වශයෙන්).. 
මූ තමා අනුරාධ.. ඉන්නෙ රත්මලානෙ... අමු පිස්ස.. පට්ට ගති ඩයල් එක...
මෙන්න සජිය.. සර්ගෙ මල්ලි....
එක බත් පත බෙදාගෙන කාපු කාලෙ... ඇත්තටම සුන්දර මතකයන්... හැබැයි සතුටු වෙන්න කාරනයක් තියෙනව.. තාමත් ඒ පුරුද්ද නැති වෙලා නෑ... තාම අපි ඔහොමම තමා... මස් කෑල්ලට හරි බිත්තරේට හරි තමා මුලින්ම පනින්නෙ...
මේ ඉන්නෙ ඕශි... සහ පබා.... මුන් දෙන්නම කැම්පස්.. එක්කෙනෙක් ඉන්දියාවෙ... 
ඔන්න පිරිමි පුලුටු ටික ( මුල්ම අවුරුද්දෙ)
මේ ඉන්නෙ ප්‍රබෝද..( අමු පැනිය) ජොබ් විතරක් කරා 500ක් විතර... මූට එක තැනක ඉන්න බෑ මාසයක්... දැන් කොරියා කියල තම ආරන්චිය.. කෙල්ල තමා දතා...ඇත්ත නම පවිත්‍රා...

මේ ඉන්නෙ මම සජිය සහ විරාජ් ගිහාන් ... මේ පාටි එක් සජිය රට යන දවසෙ සහ උගේ බර්ත් ඩේ පාටි එක..
මේ ඉන්නෙ රිලවු ටික... විරජ් මම සජිත්... නාච්චිමලේ නාන්ට ගොහිල්ල ගෙදර වතුර කපපු කාලෙ...




ඔන්න ඔහොමයි මගේ කොලබ ජීවිතේ තවමත් ගෙවෙන්නෙ... දැන් අපේ පවුලෙ හැමෝම කොලබ ඉන්නෙ...

 මගේ ජීවිතේ රසමුසු තැන් මම තව ඉස්සරහට ගෙන එන්නම්... එතකන් මම නවතිනව...




Thursday

25 ඇසුවෙමි, දුටුවෙමි...

මම මුලින්ම කියන්න කැමතියි බස් අයිතිකරුවන් සිට්නම් මෙය අනිවාර්යයෙන් බැලිය යුතු බව....


මම ඊයෙ වැඩ ඇරිල ගෙදර යන්න කොට්ටව බස් හෝල්ට් එකේ ඉන්නව...දැන් බස් නවත්තන තැන පස්සට ගෙනිහිල්ලනෙ.. එතන කොට්ටව පොලීසියෙ ට්‍රැෆික් පොලිස් මහත්මයන් දෙදෙනෙකුත් කතා කර කර හිටිය... ( නිල ඇදුමෙන්). මමත් හිටියෙ එතනට වෙලා....එතනට පිටකොටුව සිට හෝමගම දක්වා යන බස් එකක් ඇවිල්ල නතර කරල සෙනග බස්සල හෙමීට ඉස්සරහට යනව.... ඔන්න එතකොටම අවුරුදු 23-24 වගේ වැදගත් පෙනුමකින් යුතු කාන්තාවක් ඇවිල්ල අර පොලිසියෙ උදවියට කියපි.... '' අන්න අර බස් එකේ කොන්දොස්තරට පොඩ්ඩක් කතා කරන්න උගන්නන්න කියල.. මට එයා කුනුහර්පෙන් බැන්න කියල කියපියකො....'' එතකොටම අර බස් එක ඉස්සරහට ගිහිල්ල ටිකක් දුර.. පොලිස් නිලදාරියා ගත්ත වෝකි ටෝකි එක.. කතා කර මෙන්න මෙහෙම... '' හෙලෝ හෙලෝ... සම්පත් සම්පත් ඔන්න දැන් එන NA - 3223 හෝමගම කොල පාට බස් එක නවත්තන්න කියල... කොන්දයි, ඩ්‍රයිවරයයි එක්කගෙන එන්න කියල...''


විනාඩි දෙකක් යන්න මත්තෙන් එතනට කට්ටිය පිරුන.... ඒ අතරතුරේ අර කාන්තාව කියන්න ඕන ඔක්කොම පොලිස් නිලදාරීන්ට කිවුව.... එයා විශේශ දෙයක් සදහන් කලා.... '''ඔය බස් එකේ මහන්සි වෙලා වැඩ කරල ගෙවල් වල යන මිනිස්සු ඉන්නෙ... කොන්දොස්තරට අවවාද කරල යවන්න කියල....'' ' ඔන්න එතකොට අරුන් ආව.... ඔන්න එතකොටයි විස්තරේ කිවුවෙ.... ඒ කාන්තාව නැගල තියෙන්නෙ ටවුන්හෝල් වලින්... එයාට ඉතුරු සල්ලි පස්සෙ දෙන්නම් කියල.... රුපිය්ල් 15 ක් ද කොහෙද.... මෙයා මග දිගටම ඉල්ලල.. පසෙ දෙන්නම් පස්සෙ දෙන්නම් කිය කිය කොට්ටවටම ඇවිල්ල... මෙයා කොට්ටවෙදි බහින්න ඉස්සෙල්ලත් ඉල්ලල.. එතකොට කොන්ද කියල.... '' තමුසෙට එකපාරක් කිවුවනෙ 10 ක් නෑ කියල තේරෙන්නෙ නැද්ද.. මගේ ලග 10 ක නෑ.. වද නොදි බහිනව කියල....'' පොලිස් නිලාදරින්ට මල....ඔන්න උන් බනිනව.. ඒ අතර තුර බස් එකේ හිටපු උදවිය එකා දෙන්න එනව... මුගේ පැටිකිරිය එලියට දැම්මෙ නැතැයි.... පොලිසියෙ හිටියෙ නැත්තම් අරුන් දෙන්න ඉවරයි.... ඔන්න කතාව.... කොහොම හරි උන් දෙන්නට හෙට පොලිසියට එන්න කිවුව... මොනව කරාවිද දන්නෙ නෑ... පොලිසියෙ හැටි අපි නොදැන්නවැයි... නේද?? 



ඔන්න ඔහොමයි අපේ රටේ තත්වෙ... නිකන් උන්ගෙ සල්ලිවලින් ගියා වගේනෙ.... ඔය වගේ දවසකට කී දෙනෙක්ට වෙනව ඇද්ද.... නමුත් කීයෙන් කී දෙනාද අදාල පාර්ශවයන් දැනුවත් කරන්නෙ.... ලැජ්ජාව, බය නිසා කීදෙනෙක් කට වහගෙන යනවද.... ඇත්තටම ඒ කාන්තාව ආදර්ශයක්..... 

Saturday

26 I Love You My dear Dony....

අද මට ගොඩාක් සතුටු දවසක්.. ඉතින් මම ඒක අපේ බ්ලොග් වල ඉන්න සහෝදර සහෝදරියන් එක්ක බෙදාහදා ගන්න හිතුව.... මොකද්ද දන්නවද?? අපේ ආදරයට අවුරුදු 02 පිරුන... අද තමයි දවස... අපි අම්බානෙක සතුටින් ඉන්නෙ... ඇත්තටම මම හිතනවා මම වාසනාවන්තයි කියල.... මොකද මගේ වෙන්ට වයිපරේ ගොඩාක් හොද කෙනෙක්....අනික අපේ ගෙදර අය මට වඩා එයාට ආදරෙයි.... එයාලගෙ ගෙදර අයත් ගොඩාක් හොදයි.. හරිම හොදයි.. මට ගොඩාක් ආදරෙයි.. මන්ද ඇයි කියල.... දැන් ගෙවල් දෙකෙන්ම දන්නව... කිසිම අවුලක් නෑ.... එයාලගෙ ගෙදර අපිත් ගියා... එයාල අපේ ගෙදරත් ආව.. මෙන්න ඒකට මම දාපු පොස්ට් එක...

ඉවසගන්න බැරියෝ....

. හුරේ.............. සතුට ඉවසගන්න බෑ.....



මම එයාට ආදරෙට කියන්නෙ දෝනි කියල... මේ ඉන්නෙ අපි දෙන්න......මම ලස්සනයි නෙ.....

Related Posts Plugin for WordPress, Blogger...
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)