නිතර දෙවේලේ යන එන තැන් ....

Sunday

40 ♥♥♥ මතක් වෙද්දි ඇග කිළිපොලා යනවා...♥♥♥



මේ දෙවෙනි එක

දැන් කියන්නෙ තුන් වෙනි එක

ඇඩෙනවා තනි ඇහැට...

අද දවස දන්නවනේ කවුරුත්ම.. අද තමා 2014.02.02 දා...

කාටවත් අද දවසින් වැඩක් නැති උනාට මට අද දවස හෙනට වැදගත්... කොටින්ම කියනවනම් හෙනම මෙවුව එකක් හිතට එන්නෙ....

පදුර වටේ තැලුව ඇතිනේ..

මෙන්න මේකයි සීන් කෝන් එක...

අදට මගෙයි වෙන්න වයිපරේගෙයි (දෝණි) ආදර අන්දරයට වසර තුනක අවසානය සහ හතර වන වසරේ ආරම්භය අද වගේ දවසක තමා යෙදිල තියෙන්නෙ....

ඉතින් මට හිතෙන්නෙ මේ අවුරුද්ද තමා අපේ අවසාන ලවු කරන අවුරුද්ද... ?

බය උනාද... ?ඒක පස්සෙ දැන ගන්න ලැබේවි....

ඉතින් හැමදාමත් වගේ මගේ හිතමිතුරන්ට දෙනවනේ කෑම බීම ඉන්න හිටින්න... අද මොනාද මගෙන් ඕන...

පිස්සු හැදෙයි සද බොදවෙයි... අතීතය මතක් වෙද්දිත් හිනා යනවා... ඉස්සර කරපු පිස්සු වැඩ මතක් වෙද්දි... කොච්චරවත් පයින් ගිහිල්ල ඇද්ද?? කට්ට කාල ඇද්ද?? ගමන් බිමන් ගිහිල්ල ඇද්ද?? පිස්සු නටල ඇද්ද?? වැස්සෙ තෙමිල හිටන් තියෙනවා... පට්ට ආතල් ඒව මතක් වෙද්දි...

හිතට එන සතුට කියල නිම කරන්න බෑ...

මා ආදරෙයි.... මුළු ලොවටත් වඩා....
මා කාටවත්... නෑ එලෙසින් කියා....
සැබැවින් ඒ වගේ....

දවසක් දා හැංදෑවක
පොතක් බලන්නට සිතුනා...
සිතුවෙත් නෑ.....ඒ ජාමෙට...
ඔබව මතක් වෙයි කියලා......

ඔන්න අපි ගියා නුවර දළධා මාලිගාවට...
















































Saturday

66 මරණයෙන් ගැලවුනෙමි.....

මුලින්ම මේ ක බලන්නකෝ..

දෙවනුව මේකත් බලලම ඉන්නකෝ..


තෙවනුව දැන් මම කියන දේ බලන්ට..

ඔන්න උඩ දෙක බලන්නෙ නැතුව එන්නෙ නෑ... හරී.....



මෙන්න මේකයි සිද්දිය..

මේ සිද්දිය උනේ 2013.01.08 දින සවස 6.00 ට පමන නාවල විමල විහාරය අසල...

ආ ඊට ඉස්සෙල්ල කියන්න සෑහෙන්න දේවල් තියෙනවා...

ආ බෑ ඒව පස්සෙ කියන්නම්...

මේ ටික බලන්නකෝ....







 මේ තියෙන්නෙ කාර් එක සහ එහි රියදුරු








පොලෝසිය මහත්වරු මාර්ගය ලකුණු කරමින්...

 එම රියදුරු අතින් සිදුවූ අනෙක් අනතුර... 












                                                    ආ බැලුව නේද..?

01. මොකද කස්ටිය හිතන්නෙ ...??

02. කාගෙද වරද??

03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??

04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද??

05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද??

06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද?? 


ප්‍රශන කෝටියක් නේද??

උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න...

බුහා.....





එපා වෙනව බොල ජීවිතේ... මේ වගේ දෙයක් වෙනව කියන්නෙ ඇත්තටම පූරුවෙ පවක් සහ ලොකු පිණක් කරල තියෙන්න ඕන...

මම බයික් එකේ විස්තරේ කියන්නම්..

→ බයික් එක ගත්තේ 2013.05.21 වෙනිදා...

→ හැප්පුනේ 2014.01.08 වෙනිදා..

→ මේ වෙනකොට කිලෝ මීටර් 17250 ක් දුවල තියෙනවා..

→ අනතුරු 06 ක් වෙලා තියෙනවා...

→ සුළු අනතුරු 03 ක් සහ සමාන්‍ය ගනයේ අනතුරු 02 ක් සහ බරපතල අනතුරු 01 ක් ලෙස වාර්තාගත වෙනවා..

උබල බලාවි මූ පාරක යන්න දන්නෙ නැති එකෙක් කියල....

උබල ඔක්කොම වැරදියි.. අනතුරු 06 න් 05 ක් ම මා අතින් සිදු නොවූ අනතුරු...

ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් "අහක යන කුණ්ඩවාල මගේ ඇගේ වැදිල යන්නේ.."

මගේ අතින් වූ අනතුර උනේ වැසි දිනයක ලිස්සල ගිහිල්ල වැටුන එක...

අනිත් අනතුරු මගේ අතින් උනේ නෑ කියල ඔප්පු කරන්න මගේ ලග පොලිස් පැමිණිලි 05 ක් තියෙනව..

උබල බලාවි මොකටද පොලිස් පැමිණිලි ගන්නෙ කියල... යකුණේ ඉන්සිවුරන්ස් ක්ලේම් කරන්න මිසක් වෙන ඇට මගලයකටද....


වෙච්චි දේ උනා...

දැන් මම මොකද්ද කරන්න ඕන යකුනේ... ඉන්සිවුරන් වල ඉන්න බුවාලයි ෆිනෑස් වල ඉන්න බුවාලයි ඒ ගැන දැනුම් තේරුම් තියෙන බුවාලයි මට උපදෙසක් දියල්ලකෝ....


Tuesday

32 2013 වසරේ අවසානය සහ 2014 වසරේ ආරම්භය.....

ඔන්න බ්ලොග් කරන කස්ටිය දන්නවනෙ මොකද්ද ලියන්න හදන්නෙ කියල....

ඇත්තටම 2013 කියන්නෙ හරිම තීරණාත්මක වසරක්... එක අතකින් හොද දේවල් ගොඩාක් උනා... තව අතකින් නරක දේවල් ගොඩාක් උනා.... ඇත්තටම ජීවිතේ එපා වුනු අවස්තාවල් එමටයි...

තවත් සිද්දීන් ජීවිතය ජීවත් කරවන්න සමත් උනා... ඒ සිද්දීන් එක්ක ආපහු වැටුණ තැනින් නැගිටින්න අවස්තාවක් කර ගත්තා...

මම 2013 අවුරුද්දෙ ලොකු වැඩකට අත ගැහුව.. ඒ වැඩේ 90%ක් විතර සාර්ථකයි... ඉතිරි හරිය 2014 ට ගෙනියන්න තමා හිතාගෙන ඉන්නෙ....

තව විශේෂ සිදුවීමක් උනේ මේ දැන්... ඒ කියන්නෙ - 2013.12.30 පෙ.ව. 10.00 ට..

මොකද්ද බොලේ ඒ....

මෙන්න මේකයි සිද්දිය....

මම නිකමට හිතුවා පෝස්ට් එකක් දන්න ඕන කියල... ගිහිල්ල බැලුව ඩෑෂ් බෝඩ් එක... මෙන්න බොලේ දැනට මම 49 ක් පෝස්ට් ලියල.... සතුට වැඩි උනා... සුටුස් ගාල ලියන්න ගත්තා පෝස්ට් එකක්...

අනික තමා ඊයෙ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදලම 05 වසර දක්වා මගෙත් එක්ක එකම පාසලේ, එකම පංතියේ ඉගෙන ගත්ත මගේ බුදු පිට් එක කතා කලා.... ඌ හෙන ගේමක් දීල මගේ නම්බර් එක හොයාගෙන කතා කරේ.... ඇත්තටම හෙනම සතුටුයි....උගේ නම තමා ධනුෂ්ක....
 

මෙන්න මේ තියෙන්නෙ මම උන් ගැන ලියපු එක...

එපාම කරපු කාලෙ....



ඔන්න එහෙනම් මගේ 50 වෙනි පොස්ට් එකත් දැම්ම...

හෙනම සතුටුයි...

ඔන්න එහෙනම් මම නවතිනව....

ලබන්න වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන, සියලු බලාපොරොත්තු ඉටුවන, පවුලේ සියලු දෙනාට ලෙඩකින් දුකකින් කරදර නැති... සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි පතන්නේ...

ප. ලි. පොඩ්ඩක් වැරදුනා... බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ... මෙන්න එයාලට වෙනම ලියන්නම්...

දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්‍රාර්තනා කරණවා....
මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...




♥♥♥♥♥  ගාලු සහ දෝණි ඇතුලු පවුල් දෙකේ සැම....♥♥♥♥♥♥


34 අපි ගියානෙ කැබිතිගොල්ලෑවෙ සහ මැදවච්චියෙ

ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....


මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....



→  කැබිතිගොල්ලෑව Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/03

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 499,925,935.30 

06. Total Length          :- 23.3 Km



→ මැදවච්චිය  Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/02

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 300,192,516.80

06. Total Length          :- 10.5 Km

+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)