නිතර දෙවේලේ යන එන තැන් ....

Saturday

66 මරණයෙන් ගැලවුනෙමි.....

මුලින්ම මේ ක බලන්නකෝ..

දෙවනුව මේකත් බලලම ඉන්නකෝ..


තෙවනුව දැන් මම කියන දේ බලන්ට..

ඔන්න උඩ දෙක බලන්නෙ නැතුව එන්නෙ නෑ... හරී.....



මෙන්න මේකයි සිද්දිය..

මේ සිද්දිය උනේ 2013.01.08 දින සවස 6.00 ට පමන නාවල විමල විහාරය අසල...

ආ ඊට ඉස්සෙල්ල කියන්න සෑහෙන්න දේවල් තියෙනවා...

ආ බෑ ඒව පස්සෙ කියන්නම්...

මේ ටික බලන්නකෝ....







 මේ තියෙන්නෙ කාර් එක සහ එහි රියදුරු








පොලෝසිය මහත්වරු මාර්ගය ලකුණු කරමින්...

 එම රියදුරු අතින් සිදුවූ අනෙක් අනතුර... 












                                                    ආ බැලුව නේද..?

01. මොකද කස්ටිය හිතන්නෙ ...??

02. කාගෙද වරද??

03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම..??

04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද??

05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද??

06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද?? 


ප්‍රශන කෝටියක් නේද??

උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න...

බුහා.....





එපා වෙනව බොල ජීවිතේ... මේ වගේ දෙයක් වෙනව කියන්නෙ ඇත්තටම පූරුවෙ පවක් සහ ලොකු පිණක් කරල තියෙන්න ඕන...

මම බයික් එකේ විස්තරේ කියන්නම්..

→ බයික් එක ගත්තේ 2013.05.21 වෙනිදා...

→ හැප්පුනේ 2014.01.08 වෙනිදා..

→ මේ වෙනකොට කිලෝ මීටර් 17250 ක් දුවල තියෙනවා..

→ අනතුරු 06 ක් වෙලා තියෙනවා...

→ සුළු අනතුරු 03 ක් සහ සමාන්‍ය ගනයේ අනතුරු 02 ක් සහ බරපතල අනතුරු 01 ක් ලෙස වාර්තාගත වෙනවා..

උබල බලාවි මූ පාරක යන්න දන්නෙ නැති එකෙක් කියල....

උබල ඔක්කොම වැරදියි.. අනතුරු 06 න් 05 ක් ම මා අතින් සිදු නොවූ අනතුරු...

ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් "අහක යන කුණ්ඩවාල මගේ ඇගේ වැදිල යන්නේ.."

මගේ අතින් වූ අනතුර උනේ වැසි දිනයක ලිස්සල ගිහිල්ල වැටුන එක...

අනිත් අනතුරු මගේ අතින් උනේ නෑ කියල ඔප්පු කරන්න මගේ ලග පොලිස් පැමිණිලි 05 ක් තියෙනව..

උබල බලාවි මොකටද පොලිස් පැමිණිලි ගන්නෙ කියල... යකුණේ ඉන්සිවුරන්ස් ක්ලේම් කරන්න මිසක් වෙන ඇට මගලයකටද....


වෙච්චි දේ උනා...

දැන් මම මොකද්ද කරන්න ඕන යකුනේ... ඉන්සිවුරන් වල ඉන්න බුවාලයි ෆිනෑස් වල ඉන්න බුවාලයි ඒ ගැන දැනුම් තේරුම් තියෙන බුවාලයි මට උපදෙසක් දියල්ලකෝ....


Tuesday

32 2013 වසරේ අවසානය සහ 2014 වසරේ ආරම්භය.....

ඔන්න බ්ලොග් කරන කස්ටිය දන්නවනෙ මොකද්ද ලියන්න හදන්නෙ කියල....

ඇත්තටම 2013 කියන්නෙ හරිම තීරණාත්මක වසරක්... එක අතකින් හොද දේවල් ගොඩාක් උනා... තව අතකින් නරක දේවල් ගොඩාක් උනා.... ඇත්තටම ජීවිතේ එපා වුනු අවස්තාවල් එමටයි...

තවත් සිද්දීන් ජීවිතය ජීවත් කරවන්න සමත් උනා... ඒ සිද්දීන් එක්ක ආපහු වැටුණ තැනින් නැගිටින්න අවස්තාවක් කර ගත්තා...

මම 2013 අවුරුද්දෙ ලොකු වැඩකට අත ගැහුව.. ඒ වැඩේ 90%ක් විතර සාර්ථකයි... ඉතිරි හරිය 2014 ට ගෙනියන්න තමා හිතාගෙන ඉන්නෙ....

තව විශේෂ සිදුවීමක් උනේ මේ දැන්... ඒ කියන්නෙ - 2013.12.30 පෙ.ව. 10.00 ට..

මොකද්ද බොලේ ඒ....

මෙන්න මේකයි සිද්දිය....

මම නිකමට හිතුවා පෝස්ට් එකක් දන්න ඕන කියල... ගිහිල්ල බැලුව ඩෑෂ් බෝඩ් එක... මෙන්න බොලේ දැනට මම 49 ක් පෝස්ට් ලියල.... සතුට වැඩි උනා... සුටුස් ගාල ලියන්න ගත්තා පෝස්ට් එකක්...

අනික තමා ඊයෙ මගේ මොන්ටිසෝරි කාලෙ ඉදලම 05 වසර දක්වා මගෙත් එක්ක එකම පාසලේ, එකම පංතියේ ඉගෙන ගත්ත මගේ බුදු පිට් එක කතා කලා.... ඌ හෙන ගේමක් දීල මගේ නම්බර් එක හොයාගෙන කතා කරේ.... ඇත්තටම හෙනම සතුටුයි....උගේ නම තමා ධනුෂ්ක....
 

මෙන්න මේ තියෙන්නෙ මම උන් ගැන ලියපු එක...

එපාම කරපු කාලෙ....



ඔන්න එහෙනම් මගේ 50 වෙනි පොස්ට් එකත් දැම්ම...

හෙනම සතුටුයි...

ඔන්න එහෙනම් මම නවතිනව....

ලබන්න වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන, සියලු බලාපොරොත්තු ඉටුවන, පවුලේ සියලු දෙනාට ලෙඩකින් දුකකින් කරදර නැති... සුභම සුභ අලුත් අවුරුද්දකට සුභාසිරි පතන්නේ...

ප. ලි. පොඩ්ඩක් වැරදුනා... බ්ලොග් ලියන දෙතුන් දෙනෙක් පවුල් වෙලා ඉන්නවනේ... මෙන්න එයාලට වෙනම ලියන්නම්...

දරුවෙකුගෙ කෑ ගැහිල්ලකින් ගේ දෙවනත් වෙන, පැටවු පිරුණු පුන්චි (පැටවු 10 ක් පමණ) පවුලක් හදා ගන්න කියලා ප්‍රාර්තනා කරණවා....
මේක ලියන්න තේරෙන්නෙ නෑ බොල...




♥♥♥♥♥  ගාලු සහ දෝණි ඇතුලු පවුල් දෙකේ සැම....♥♥♥♥♥♥


34 අපි ගියානෙ කැබිතිගොල්ලෑවෙ සහ මැදවච්චියෙ

ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....


මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....



→  කැබිතිගොල්ලෑව Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/03

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 499,925,935.30 

06. Total Length          :- 23.3 Km



→ මැදවච්චිය  Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/02

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 300,192,516.80

06. Total Length          :- 10.5 Km

Thursday

25 ♥♥♥♥♥♥♥♥♥♥ Many Happy Returns of the Day.... ! ♥♥♥♥♥♥♥♥♥♥

I LOVE YOU, NOT FOR WHO YOU ARE, BUT FOR WHAT I'M WHEN I'M WITH YOU    
DONY....!!




I LOVE YOU NOT ONLY FOR WHAT YOU HAVE MADE OF YOUR SELF,
BUT FOR WHAT YOU ARE MAKING OF ME....!!



I LOVE YOU FOR THE PART OF ME THAT YOU BRING OUT OF ME..........!!



MANY HAPPY RETURN OF THE DAY....

MY LOVELY


DONY  !!





MAY ALL YOUR DREAMS COME TRUE AND MAY YOU BE HAPPY YEAR A HEAD....!!







ප. ලි.

අද දෙනව හැමෝටම ලොකුම ලොකු පාටියක්....මගේ "හනී" ගෙ 23 උපන්දිනේ තමා අද.....

ඔක්කොමල වරෙල්ලා... දෙනව ඇඩෙන්න පාටියක්...


කන කට්ටියට මෙන්න......















මේ ගාන ඇතිනෙ.... මීට වඩා දෙන්නෙ නෑ .... හරී.....



බොන කට්ටියට මෙන්න...





පොඩි උන්ට මෙන්න.... (අම්මල තාත්තලගෙන් අවසර අරගෙන වරෙන්)



වැටෙන්න බොන උදවියට මෙන්න....



තව මදිනම් මෙන්න.....




Monday

29 කිරි ගවයෙකුට ජීවිත දානය දීම....

පේ අම්මට උවමනා වුනා කිරි හරකෙකුට ජීවිත දානය දෙන්න... ඔන්න ඒක නිසා... අපි ගොඩාක් කට්ටිය සහභාගි කරගෙන එම සතාට නිදහස දුන්නා.....

කියනන දෙයක් නෑ... ඔයාල හැමෝම දන්නවනෙ ක්‍රියා පිළිවෙල....

මෙන්න ගවයා... මූට පැටියෙක් හම්බවෙන්න ඉන්නෙ... තව මාස 04 කින් විතර..

ඇත්තටම මූ අහිංසක සතෙක්... ඒ කියන්නෙ දගලන්නෙ, දුවන්නෙ නෑ... ලිහල තිබ්බත් එතනටම වෙලා ඉන්නව....

මූ බේරගත්තෙ "තංගල්ල " ප්‍රදේෂයෙන්... මොකද කොලඹ් අවට මිල අධිකයි....


මේ ගවයා නිදහස් කර ගැනීමට උදවු උපකාරී කල... සැමට එම පිං අයිති වේවා.....

උපදින මතු ආත්මයක් පාසා නිදුක් නිරෝගී සම්පත් උදා වේවා.....

    
මෙන්න මුගේ ලස්සන..










 







ආ ඊට පස්සෙ අපෙ අම්මගෙ අම්මගෙ නංගි සහ ඇගේ සැමියා..."බාල ආත්තම්ම" , අපි එයාල ඉන්න ගෙදරට සෙවිලි තහඩු දුන්න සෙවිලි කරගන්න කියල.... එයාලට ගොඩාක් සතුටුයි... ඒ සතුට ඇස් වලින්ම පේනව....

  











Thursday

37 අපි ගියානෙ හෙන ට්‍රිපක්.....

අම්මපාමේක ට්‍රිපක් කිවුවට හෙන පජාත ට්‍රිපක්... එහෙම්මම පජාතත් නෑ....

කට්ටිය තමයි මම (ඩ්‍රයිවර්), අම්ම, අක්ක, පොඩී.(අපෙ ලොකු අම්ම... අම්මගෙ අක්ක) ඔන්න සෙටාර් එක...

ගිය වාහනේ තමා රෙන්ට් එකට ගත්ත කාර් එකක්....මෙන්න මේකක්...

තෙලුත් අවුලක් නැතුව වැඩත් කරා... ලීටර් එකෙන් කිලෝ මීටර් 10 ක් වගේ වැඩ කලා,(With A/C)

ඇත්තම කියනවනම් ට්‍රිප් එක ගියේ, යන්නෙ කොහේදවත් නොදැන... ඒ කියන්නෙ කිසිම සංවිධානය කිරීමකින් තොරව.... කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... යමු කියල කිවුව ගියා....කොහේද යන්නෙ කින්ද මන්ද මුකුත් හිතුවෙ නෑ...

හැබැයි වාසනාව කියන්නෙ වාහනයක් හොයාගත්ත, ඉන්න තැනක් නොමිලේම හම්බ උන..ඔක්කොම හොද අතට උනා....



මෙන්න අපේ ගමන් මාර්ගය..ඔක්කොම ගිහිල්ල තිබුන කිලෝමීටර් 750 ක්...

A. අපේ ගෙදර(ආරම්භය)
B. අපෙ අම්මගෙ මහගෙදර.
C. සෙවනගල සීනි කර්මාන්ත් ශාලාව
D. නුවර එලිය අපගේ නිවස්නය.
E. නුවර දළදා මාලිගාව
F. අපේ ගෙදර (අවසානය)

ඔන්න ගියපු තැනුත් කිවුව... දැන් බලමු රූප රාමු ටිකක්...


 මේ ඉන්නෙ අපේ අම්මගෙ අම්ම (අපේ ආත්තම්ම) ගෙ නංගි සහ ඇගේ සැමියා.... ඈ තමා අපෙ අම්ම පොඩි කාලෙ හදා වඩා ගෙන තියෙන්නෙ.....


අපි ගියා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව බලන්න... කොහේ බලන්නද පට්ටෙටම වහිනව.... එතන නවත්තල තිබුණ ට්‍රැක්ටරේකින් උක් දඩු ටිකක් අරගෙන ආව... 






අපි ආවෙ ඇල්ල වැල්ලවාය පාරෙ... ඒ එන අතර තුර තිය කවුරුත්ම දන්න "රාවණා ඇල්ල" බලන්නනම් අමතක කලේ නෑ....
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)