නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

34 අපි ගියානෙ කැබිතිගොල්ලෑවෙ සහ මැදවච්චියෙ

ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....


මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....



→  කැබිතිගොල්ලෑව Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/03

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 499,925,935.30 

06. Total Length          :- 23.3 Km



→ මැදවච්චිය  Road Project

01. Client                  :- RDA

02. Consultant           :- 

03. Contract Package :- NCRP/NCP/NCB/02

04. Funded By            :- Asian Development Bank

05. Bid Price               :- Rs. 300,192,516.80

06. Total Length          :- 10.5 Km

Thursday

25 ♥♥♥♥♥♥♥♥♥♥ Many Happy Returns of the Day.... ! ♥♥♥♥♥♥♥♥♥♥

I LOVE YOU, NOT FOR WHO YOU ARE, BUT FOR WHAT I'M WHEN I'M WITH YOU    
DONY....!!




I LOVE YOU NOT ONLY FOR WHAT YOU HAVE MADE OF YOUR SELF,
BUT FOR WHAT YOU ARE MAKING OF ME....!!



I LOVE YOU FOR THE PART OF ME THAT YOU BRING OUT OF ME..........!!



MANY HAPPY RETURN OF THE DAY....

MY LOVELY


DONY  !!





MAY ALL YOUR DREAMS COME TRUE AND MAY YOU BE HAPPY YEAR A HEAD....!!







ප. ලි.

අද දෙනව හැමෝටම ලොකුම ලොකු පාටියක්....මගේ "හනී" ගෙ 23 උපන්දිනේ තමා අද.....

ඔක්කොමල වරෙල්ලා... දෙනව ඇඩෙන්න පාටියක්...


කන කට්ටියට මෙන්න......















මේ ගාන ඇතිනෙ.... මීට වඩා දෙන්නෙ නෑ .... හරී.....



බොන කට්ටියට මෙන්න...





පොඩි උන්ට මෙන්න.... (අම්මල තාත්තලගෙන් අවසර අරගෙන වරෙන්)



වැටෙන්න බොන උදවියට මෙන්න....



තව මදිනම් මෙන්න.....




Monday

29 කිරි ගවයෙකුට ජීවිත දානය දීම....

පේ අම්මට උවමනා වුනා කිරි හරකෙකුට ජීවිත දානය දෙන්න... ඔන්න ඒක නිසා... අපි ගොඩාක් කට්ටිය සහභාගි කරගෙන එම සතාට නිදහස දුන්නා.....

කියනන දෙයක් නෑ... ඔයාල හැමෝම දන්නවනෙ ක්‍රියා පිළිවෙල....

මෙන්න ගවයා... මූට පැටියෙක් හම්බවෙන්න ඉන්නෙ... තව මාස 04 කින් විතර..

ඇත්තටම මූ අහිංසක සතෙක්... ඒ කියන්නෙ දගලන්නෙ, දුවන්නෙ නෑ... ලිහල තිබ්බත් එතනටම වෙලා ඉන්නව....

මූ බේරගත්තෙ "තංගල්ල " ප්‍රදේෂයෙන්... මොකද කොලඹ් අවට මිල අධිකයි....


මේ ගවයා නිදහස් කර ගැනීමට උදවු උපකාරී කල... සැමට එම පිං අයිති වේවා.....

උපදින මතු ආත්මයක් පාසා නිදුක් නිරෝගී සම්පත් උදා වේවා.....

    
මෙන්න මුගේ ලස්සන..










 







ආ ඊට පස්සෙ අපෙ අම්මගෙ අම්මගෙ නංගි සහ ඇගේ සැමියා..."බාල ආත්තම්ම" , අපි එයාල ඉන්න ගෙදරට සෙවිලි තහඩු දුන්න සෙවිලි කරගන්න කියල.... එයාලට ගොඩාක් සතුටුයි... ඒ සතුට ඇස් වලින්ම පේනව....

  











Thursday

37 අපි ගියානෙ හෙන ට්‍රිපක්.....

අම්මපාමේක ට්‍රිපක් කිවුවට හෙන පජාත ට්‍රිපක්... එහෙම්මම පජාතත් නෑ....

කට්ටිය තමයි මම (ඩ්‍රයිවර්), අම්ම, අක්ක, පොඩී.(අපෙ ලොකු අම්ම... අම්මගෙ අක්ක) ඔන්න සෙටාර් එක...

ගිය වාහනේ තමා රෙන්ට් එකට ගත්ත කාර් එකක්....මෙන්න මේකක්...

තෙලුත් අවුලක් නැතුව වැඩත් කරා... ලීටර් එකෙන් කිලෝ මීටර් 10 ක් වගේ වැඩ කලා,(With A/C)

ඇත්තම කියනවනම් ට්‍රිප් එක ගියේ, යන්නෙ කොහේදවත් නොදැන... ඒ කියන්නෙ කිසිම සංවිධානය කිරීමකින් තොරව.... කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... යමු කියල කිවුව ගියා....කොහේද යන්නෙ කින්ද මන්ද මුකුත් හිතුවෙ නෑ...

හැබැයි වාසනාව කියන්නෙ වාහනයක් හොයාගත්ත, ඉන්න තැනක් නොමිලේම හම්බ උන..ඔක්කොම හොද අතට උනා....



මෙන්න අපේ ගමන් මාර්ගය..ඔක්කොම ගිහිල්ල තිබුන කිලෝමීටර් 750 ක්...

A. අපේ ගෙදර(ආරම්භය)
B. අපෙ අම්මගෙ මහගෙදර.
C. සෙවනගල සීනි කර්මාන්ත් ශාලාව
D. නුවර එලිය අපගේ නිවස්නය.
E. නුවර දළදා මාලිගාව
F. අපේ ගෙදර (අවසානය)

ඔන්න ගියපු තැනුත් කිවුව... දැන් බලමු රූප රාමු ටිකක්...


 මේ ඉන්නෙ අපේ අම්මගෙ අම්ම (අපේ ආත්තම්ම) ගෙ නංගි සහ ඇගේ සැමියා.... ඈ තමා අපෙ අම්ම පොඩි කාලෙ හදා වඩා ගෙන තියෙන්නෙ.....


අපි ගියා සෙවණගල සීනි කර්මාන්ත ශාලාව බලන්න... කොහේ බලන්නද පට්ටෙටම වහිනව.... එතන නවත්තල තිබුණ ට්‍රැක්ටරේකින් උක් දඩු ටිකක් අරගෙන ආව... 






අපි ආවෙ ඇල්ල වැල්ලවාය පාරෙ... ඒ එන අතර තුර තිය කවුරුත්ම දන්න "රාවණා ඇල්ල" බලන්නනම් අමතක කලේ නෑ....

Monday

65 ආගම් බේද, ජාති බේද ඇති කිරීමට නොව.... හුදෙක් අසා දැන ගැනීමට සහ දැන ගැනීමටය....




මම මේ කියන්න යන්නෙ මගේ ජීවිතේ ලැබුණු අමිහිරි අත්දැකීමක්... මේක උනේ 2013.10.13 වෙනිදා..

මෙන්න උන සිද්දිය...


මාගේ වෙන්ට වයිපරේ රෝමානු කතෝලික කතක්... ඇගේ පල්ලියෙන් වර්ශිකව සංවිධානය කරනු ලබන විනෝද චාරිකාව මෙවර ඔවුන් යොදාගෙන තිබුනේ අනුරාධපුරේ සැරිසැරීමට.. එම තීරණය ගැනුනේ මාගේ ඇනුදැනුමකින් තොරව සහ ඔවුන්ගේ ස්වකැමැත්තෙන්... 

ඔවුන්ට දැක ගැනීමට උවමනා උනා ශ්‍රී මහා බෝධිය, රුවැන්වැලි මහා සෑය සහ මිනින්තලා පුද භූමිය දැක බලා ගැනීමට...

මාද එම චාරිකාව සදහා සහභාගි වූවේ ඔවුන්ට මා දන්නා දෙය කියා දීම සදහායි... මන්ද ඔවුන් මීට පෙර අනුරාධපුර පූජා භූමියට නොපැමින ඇති හෙයිනි...


එම ගමනට 60 දෙනෙකුගෙන් යුත් පිරිසක් සම්බන්ද විය.... එම පිරිසේ මා සමග තවත් අයියා කෙනෙක් පමණක් බෞද්ධ ආගමික විය...

අප මුලින්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ගැනීමට ගියෙමු...


Wednesday

20 05. පී.ටී නොහොත් කසුන්




 මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....



02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන් 

04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක

07. චමීර සදරුවන්

08. රොෂාන්


04. කසුන් මදුරන්ග දර්මරත්න



ඉපදීම - 1991 - 11 - 05

රැකියා ස්ථානය -  වාහන යට.... මජන් ගාගෙන.... එන්ජින් නම්බර් හොයන්න ගිහිල්ල සයිලන්සරේට අත පුච්චගන්න තැන... """ වාහන වැලුවේශන් කොරන් තැනක""

ගෙදර සෙටාර් එක...04 යි - අම්ම, තාත්ත, අක්ක...මූ
දැනට පදිංචිය බංඩාරගම... නමුත් මෙච්චර කලක් හිටියෙ නුගේගොඩ කන්දවත්ත ටෙරස් වල....

මූට අපි නම් කතා කරන්නෙ පී.ටී... කියල... """හැබැයි ගෙදර අය ආදරේට වෙන විදියකටත් කතා කරනවා... එක කියන එක හරි නෑනෙ..."""


මම විනාඩි 20ක් විතර කල්පණා කරා කොහෙන්ද පටන් ගන්නෙ කියල.... මූගෙ චරිතාපදාව පටන් ගන්නෙ කොහොමද කියල....

අම්බෝ... මූ ගැන ලියන්න් තියෙන දේවල්... කියල වැඩක් නෑ.....

කියන්න තියෙන්නෙ, මෙච්චරයි...

Sunday

1 04. ගිහාන් ආනන්ද .....

මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....

01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු

02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන් 
04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක

07. චමීර සදරුවන්

08. රොෂාන්


04. ගිහාන් ආනන්ද

ඉපදීම - 1991 - 05 - 28

රැකියා ස්ථානය - හපොයි මතක් කරන්න එපා... මූ ගැන ... මේකම ගැන පොතක් වෙනම ලියනව....

ගෙදර සෙට් එක... 04 යි - අම්ම, තාත්ත, මල්ලි...

දැනට පදිංචිය හෝමගම

මූට කියන්න නමක් නෑ... ගිහාන් කියලම තමා කතා කරන්නෙ... ආදරේ වැඩි උනහම """ අඩෝ මූසලයෝ" කියලත් අමතනව...

මූ ගැන මොනව ලියන්නද.. මූ මූගෙ යාලුව...


Tuesday

26 03. විරාජ් උපෂාන් වලකුඹුර...

මේ ඉන්නෙ සෙට් එක... එකින් එකා ගැන කියනව....

01. පසන් ළහිරු පලිහවඩන නොහොත් ගාලු

02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන් 

04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක

07. චමීර සදරුවන්

08. රොෂාන්


03. විරාජ් උපෂාන්

ඉපදීම 1990 - 11 - 05

රැකියා ස්ථානය - නෝ ජොබ් කොම්පැනි, නමුත් ඉලෙක්ට්‍රිකල් ඉන්ජ්නීරින්ග් කෝස් එකක් කරනව...                                         ජෙර්මන් ටෙක් එකේ.. ෆයිනල් ඉයර් ඉන්නෙ....

ගෙදර බල්බ් පත්තු කරන කට්ටිය 03 යි - අම්ම, අයියා, අක්ක

දැනට පදිංචිය කොට්ටාව

ආදරේට කියන්නෙ විරාජ් කියල, ඉස්කෝලෙ කියපු නම් මට මතක නෑ නෙ බොල...


මූ මගේ ඉස්කෝලෙ එකා.. ඒ කියන්න මගේ බැජෙක්.. හෆොයි... දැන් නෙ ඒක මතක් උනේ... මූ ඉස්කෝලෙ යන කාලෙ මගේ යාලුවෙක් නෙමෙයි... මුගේ අලි ඔලුව... බක පංඩිතය... තාමත් එහෙමයි... ගහන්න හිතෙනව අල්ලල පොලේ... අනික හැටි... හිවලෙක් වගේ... මූ ඉස්සර ඉස්කෝලෙ ඉදිද්දි මට ගහන්න සෙට් වෙනව.. ගහලත් තියෙනව... මම එතකොට ඉස්කෝලෙට අලුත් නෙ... මුගෙ හෙන සෙට් එකක් හිටිය පිටිපස්සෙම පේලියෙ... උන් තමා මට ගේම ඉල්ලන්නෙ... පොඩි වුන්ට ගහන්න ලැජ්ජ නැද්ද යකෝ... අනික අලත් ඉස්කෝලෙට ආපු උන්ට... හෙන ඇලජික් උන් මාත් එක්ක... මට මූ ලගදි තමා විස්තරේ කිවුවෙ මට ගහන්න හේතුව... මොකද මම ඒ කාලෙ කොලඹ බෝඩ් වෙලානෙ හිටියෙ... මට එතකොට ෆෝන් එහෙම තිබුන... අන්න ඒක නිසා දිරවන්නෙ නැතුව.... 



අඩෝ දැන් ගහපං ඩෝ... අඩු කඩනව... මතක තියා ගනින්...

ඇයි උබ මගේ යාලුවෙක් උනේ.. හරිනම් හතුරෙක් නෙ වෙන්න ඕන... මට මතකයි උබ මගේ හොද යාලුවෙක් උනේ මම කොට්ටාවෙ පදිංචියට ආවට පස්සෙ.. ඒ කියන්නෙ 2008.. උබට මතකද.. ඒ.ලෙවල් ඉවර වෙලා.

Friday

23 02. සජිත් කටුකුරුන්ද...

මම ගොඩකාලෙකින් ලියන්නෙ මොකද්ද කියල හිත හිත හිත ඉන්න කොට මතක් උනා.... යක්සයො ටිකක් ගැන ලියන්න.... ඔන්න ඉතින් අපේ ටීම් එකේ ඉන්න යස්ස හැතිකරේ ගැන තමා ලියන්ට යන්නෙ.... ඉස්සෙල්ලම බලමු ඉන්න සෙට් එක....


01. මම (මුලින්ම කියන්න එපැයි)

02. සජිත් කටුකුරුන්ද

03. විරාජ් උපශාන්

04. ගිහාන් ආනන්ද

05. පී.ටී නොහොත් කසුන්

06. චාමර මදුෂංක


07. චමීර සදරුවන් 

08. රොෂාන්  


දැන් දැන ගත්තනෙ.... ඔන්න මුලින්ම ඉන්නෙ මම.... ඉතින් මම ගැන දන්නවනෙ.... කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ....  


02. සජිත් කටුකුරුන්ද...


ඉපදීම - 1991 - 01 - 01

රැකියා ස්ථානය - නැව තුල

පවුලේ මගීන් සංඛ්‍යාව 04ක් -  අම්ම, තාත්ත, මූ, නංගි

දැනට පදිංචිය හෝමගම


ආදරේට අපි කියන්නෙ සජී කියල... ඉස්කෝලෙනම් කියල තියෙන්නෙ කට්ට කියල...



31 අනේ අපොයි....

මේක බලන 99.99% කටම රියදුරු බලපත්‍රය ඇති... නැති උනත් අනිවාර්යයෙන් ෆුට් බයිසිකලයක් හරි පැදල ඇති... අද මම කියන්නෙ මට වෙච්චි වින්නැහියක් ගැන.. හැබැයි මේක උනේ 2013.06.05 වෙනි දින 2.30ට විතර පෑලියගොඩ මාලු මාකට් එකට හැරෙන තැන... අර අලුතින් පාරකුත් හදන්නෙ... එතකොට මම මගේ බයික් එක අරගෙන හරියටම දවස් 15යි.. නම්බර් ප්ලේට් තියා නම්බර් එකක්වත් ඇවිත් නෑ... පොත් කොහේද දන්නෙ නෑ...

මෙන්න ගත්තු දවස ...


මගේ ගෑණු ලමය ක්‍රිස්තියානි... මගෙ අම්ම ලෙඩෙක්... මට කරන්න පුළුවන් හැමදිම මම අම්ම වෙනුවෙන් කරනව.... ඒක නිසා අපි ගියා එයාලගෙ ෆාදර් කෙනෙක් මුණ ගැහෙන්න... ඔන්න ගිහිල්ල එන අතරතුර තමා ඔය රිය අනතුර උනේ... මෙන්න රූප රාමුවක් මගින්...


+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)