නිතර දෙවේලේ යන එන තැන් ....

Friday

16 පී.ටී ගේ වන්ඩිය.....සහ මගේ වන්ඩිය......

ඔයාල දන්නවනෙ අපේ සෙටාර් එක.... ඔන්න ඕකෙ ඉන්නව අපේ පට්ට ඩයල් එකක්... පට්ට ෆන් දෙන්නෙ...එසේ මෙසේ ෆන් නෙමෙයි... බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් ෆන්.... අනික ඌ කොටයි... සමහර වෙලාවට කොටා කියලත් කතා කරනවා.... ඔන්න ඌ සහ මම සහ අනිත් උන් ගැන කතා කොරන්ට තමා යනවා...


පී.ටී වැඩ කරන්නෙ වැලුවේශන් කොම්පනි එකක... ඌට වාහනේ නම විතරයි කියන්න ඕන එන්ජින් එක, ස්පීඩ් එක, ජියර් ගාන, එන්ජින් කැපෑසිට්ය් එක ඔක්කොම ලියාවි.. එච්චරටම පුදුම දනීමක් තියෙන්නෙ...ඔන්න මූ එකදවසක් තකහන්යක්ම මට කතා කොරල කියපි මචන් පොඩි හදිසියක්... උබ කොහේද ඉන්නෙ... ඉක්මනට විරාජ්ලගෙ ගෙදරට වරෙන් කියල.... මමත් ඉතින් පුක කැඩිච්ච දිමිය වගේ උගේ ගෙදරට දිවුව... ඔන්න ගෙට ගියා... 

Monday

35 සුසන්තිකාගේ ජීවිතය....(මට කියූ අයුරින්)

මේ රටේ සහ මුලු ලෝකෙම දන්න කෙනෙක් තමා සුසන්තිකා ජයසිංහ කියන දාවන ශූරිය... තව නමකින් කියනවනම් ආසියාවේ කලු වෙලඹ.....

මම මේ කියන කතාව කියන්නෙ මම දන්න තරමින්...ඒ කියන්නෙ ඇයගේ වැඩිමහල් සොහොයුරිය කියන කතාවක් මගින් තමා මම මේක ඔයාලට කියන්නෙ... ඔන්න එහෙනම් කතාව පටන් ගන්නව...


මම මේ කියන්නෙ ඇයව අපහාසයකට ලක් කරන්නනට, ඇයව ලැජ්ජාවට හෝ අපහසුතාවට පත් කරන්නටවත් නොව,  හුදෙක් එමගින් අපේ රටේ ඉන්නා කම්මැලි, කාලකන්නි සමාජයට ආදර්ශයක් සදහා පමණි.



ඔයාල දන්නව ඇතිනෙ ඇයගෙ පවුලෙ ඉන්න සාමාජිකයන් ගනන... නෑ මමම කියන්නම්... 

* අම්ම

* තාත්ත

* අක්කල 03

සහ

* බාලයා විදියට සුසන්තිකා

ඔන්න පවුලෙ සමාජිකයන්...


ඊට පස්සෙ කියන්නම් ඔවුන්ගේ රැකියාව මොකද්ද කියල... 

පියා - බීඩි එතීමේ කර්මාන්තය

මව - රබර් කිරි කැපීමේ කර්මාන්තය

සහෝදරියන් - බීඩි එතීමේ කර්මාන්තය

සුසන්තිකා - පාසල් යන අතරතුර - බීඩි එතීමේ කර්මාන්තය

Wednesday

14 අපි ගියානෙ සයිට් විසිට්....

අපි ගෙදරින් ගියේ උදේ 4.00 ට විතර... මගදි හොදට සප්පායම් වෙලා එහෙම ගියේ... බඩගින්නෙ රාජකාරි කොරන්න බෑනෙ.... 

අපි ගියේ නුවරට ගිහිල්ල 180 වංගු වලින් හසලක ගියා..... 

මෙන්න මෙතන් ඉදන් බැලුවම 18 වංගු පේනව කියල ඩ්‍රයිවර් උන්නැහේ කියපු නිසා ගියා බලන්න... මොන කෙහෙල් මලක්වත් පේන්නෙ නෑ.... උබලට පෙනුනද??  








පොඩ්ඩක් අපේ සයිට් එක ගැන විස්තරයක් දෙන්නම්කො.... මෙන්න මෙහෙමයි...

මෙන්න අපේ පාරවල් 03  

01. හසලක - හෙට්ටිපොල පාර  

02. හෙට්ටිපොල - හදුන්ගමුව පාර 

සහ 

03. ලග්ගල - පල්ලෙගම පාර

ඔක්කොම දුර කිලෝ මීටර් 37.5 ක්.. උපරිම ලස්සන පැත්තක්... පින්තූර වලින් පේනවනේ.... මේක හදන්න පිරිවැය 7 බිලියන් යනව.... 1 බිලියන් අපේ ඇමති තුමාලට දෙන්න ඕන.... නැත්තම් අපිට කොයින්ද ප්‍රොජෙක්ට්.... මේකෙ පාර දෙපැත්තෙ ඇලක් තියෙනවා...මේ පාරෙන් තමා නකල්ස් වගේ ලස්සන කදු පංති රාශියකට යන්න තියෙන්නෙ.... ගැමි පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්...

මෙ තමා සයිට් එක... පට්ටම ලස්සන පැත්තක්....

Tuesday

8 උකුලට නාවත් එදා වගේ... මා පොඩි පුතු අම්මේ....

ඇත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම සහගත දෙයක්.... අපි කොච්චර කිවුවත් අපි ඉන්නෙ සතුටින් කියල ඒක බොරුවක්... ඇත්තම කිවුවොත් හැමෝම තමන්ගෙ හිතේ තියෙන දුක පිට අයට පේන නිසා වෙන කට්ටියට පේන්න මූනිච්චාවට හිනා වෙනව... මම හරිනේ... මමත් එහෙමයි.... මගේ ජීව්තේ ආයි මම තනි වෙනවා... ටිකක් ලොකු කාලයකට... ඒ කියන්නෙ අවුරුද්දකට... අපෙ අම්මයි අක්කයි රට යනව... අම්ම අයිය ලගට සහ අක්ක එයාගෙ හස්බන්ඩ ලගට... මොනව කරන්නද?? 





 මේ හිනාව හැමදාම තියාගන්න අම්මේ....



Friday

11 නුවර දළදා මාලිගය....

ඔන්න අපි 2013.05.01 ඒ කියන්නෙ ලෝක කම්කරු දිනය.... අපිත් ඉතින් කාර්යාලයෙන් නිදහස් වෙන්ට එපැයි.... ඒක නිසා අපි ගියා.....

කියන්න බැරි උනානෙ.... අපි ගියේ 04 දෙනයි... මමයි, අම්මයි, පොඩියි, අක්කයි...

අපි ගියේ කොලඹ කොටුවෙන් තියෙන 7.00 ඉන්ටර් සිටි එකේ.... ඒක නවත්තන්නෙ ගම්පහ, පේරාදෙනිය ජැන්සන්... සහ නුවර...." මම මුල්ම පාර තමා කෝච්චියෙ නුවර  ගියේ....""


ඔන්න මාරම ලස්සන පරිසරයක් තිබුනෙ කෝච්චි  පාර දෙපස...



ඔන්න අපි එහෙට යද්දි හරියටම 9.33 උනා.... ඔන්න අපි ඒ ලග තිබුනු කඩේකින් උදේට සප්පායම් වෙලා.... ගියා නුවර මාලිගය බලන්න..... මෙන්න අපෙනුත් මල් ගන්න...... කොහොමද ලස්සන....





Tuesday

14 අපි ගියානෙ ඉච්චලම්පත්තු....

මෙන්න මෙහෙමයි කතාව.... අපි කිවුවට මායි... මගේ බොසයි.... ඩ්‍රයිවරුයි.... තමා ගමන ගියේ...


මේක තියෙන්නෙ ත්‍රීකුණාමලය පැත්තෙ... ඒ කියන්නෙ වාකරේ පාරේ... තව කියනවනම් සේරුවාවිල පංසලට යාබදව... තමා අපේ සයිට් එක තියෙන්නෙ... මම මුලින්ම කියන්නම්කො සයිට් එක ගැන...

අපි හදන්නෙ වතුර පිරිසිදු කිරීමේ මද්‍යස්තානයක්... සිංහලෙන් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක්... මම හරිනේ... ඒකෙන් වෙන්නේ... මහවැලි ගග තියෙන්නෙ අන්න ඒකෙ තියෙන වතුර ටික පිරිසිදු කරල ජනතාව අතරට බෙදා හරින්න...

ඔන්න දැන් හරිනෙ... මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක්... මේවා තමා හදමින් යන්නෙ... හැබැයි පුතෝ මේකට වතුර ගේන්නෙ කිලෝ මීටර 05 විතර එහෑයින් තියෙන පොට් එකකින්.. අපි එතනටත් ගියා... වතුර ගේන්නෙ බට වලින්... එයින් බට දෙකක්.. එක බටේක ඩය මීටර් එක 600 MM.. තාම පටන් ගත්තා විතරයි...


කියන්න බැරි උනානෙ.. අපි ගියේ 2013.04.03 උදේ 06.30 ට එහෙට යද්දි 11.00 විතර උනා... හරියටම මතක නෑ...


අපි ආවෙ 2013.04.04 උදේ 10.00 ට විතර අපි මෙහෙට එද්දි 5.00 විතර උනා... මොකද දඹුල්ලෙන් එලෝලු ගත්ත...


මෙන්න සියිට් එක...








Friday

16 මගේ උපන් දිනේ.....

මුලින්ම මෙන්න මේක බලල හිටු.....


 මම අවුරුදු ගෙවපු හැටි....


 ඔන්න එදා තමා දවස.... ඔන්න එදා තමා 2013.04.14 වෙනි ඉරු දින උදෑසන 7.00 පමණ කොල්ල නැගිට්ටේ කණ ගාව තිබුනු මගේ ගණ්ජම කරදුතණය කෑ ගහල අඩපු නිසා.... ඉතින් ඒ කෝල් එක බැලුවම අම්මගෙන්.... ඔන්න අම්ම ඉතින් මට විශ් කලේ 7.00 විතර....
 ( ආ කියන්න බැරි උනා.... මුලින්ම විශ් කලේ උබලටත් විශ්කරනව වගේ.. මගේ......#$%^&* (වෙන්ට වයිපරේ)...
ඊට පස්සෙ සෑහෙන දෙනෙක් මට විශ් කොලා කියහන්කො.... ඔන්න ඉතින් ආපහු සැරයක් මගේ ප්‍රියාවිය ගත්ත ඇමතුමක්.....



මෙන්න මෙහෙම කිවුවා..

.ටීක්....ටීක්.....ටීක්.....@#$%^&&*@&^@    %$#$#%&*#&&#**@^@    $#%^#^#$*^$&$(ඒ ටික උබල ඇහුවොත් උබල වස බොනව... නෑ කමක් නෑ කියල දාන්නම්කො...)
මෙන්න මෙහෙම කිවුවා...

Sunday

21 මෙන්න යකො මම අද උපන් ඇදුමෙන්.....

ඔන්න එහෙනම් මම මේ සයිබර් අවකාශයේ ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට මම මුලින්ම කියන්න කැම්තියි,

 ලැබුවා ඌ මේ නව වසර සතුට සමාදානය පිරි, කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. 

කියල....


දෙවනුවට කියන්න කැමතියි, කවුද එන්නෙ අපේ ගෙදර කේක් කන්න....

මෙන්න මේකත් බලල ආවනම්...

මොකද්ද දන්නවද රහස.... මට කියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ.. ඔන්න හැබැයි එනවල නෙමෙයි අපේ ගෙදර හතර මායිමේ පස් පාගන්න....

අද මගේ උපන් දිනේ නොවැ.... 



ඔන්න කිවුව.... උබල විශ්වාස කරයිද මන්ද?...



                            


HaPPy Birth DaY tO mEEEEEEEEEEEEeeeee


hAppY bIrTh dAy To MeeeeeeeeeeeeeeeEEEE


HAPPY BIRTH DAY DEAR MEEEEEEEEEE


Happy birth day Tooooooooooooo meeeeeeeee



කවුරුවත් ගෙදර නැති එකේ මමම කේක් කපල... මමම කාලා.... මමම තෑගි ගෙනල්ල.. මමම ඔතල.... මමම බලනව..... කොහොමද වැඩේ හොදද?







Tuesday

14 අම්මේ... යන්න එපා දුරු රටකට....

අම්මේ... යන්න එපා දුරු රටකට....
කවුරුත් නෑ මගෙ තනියට...
එහෙම කලෝතින් හොද නෑ අම්මේ..
හිතට දුකයි පොඩි පුතු හට....
අම්මේ.... යන්න එපා දුරු රටකට....//

මුලින්ම මේ වීඩියෝ එක බලල ඉන්නකො.. එතකොට ඔයාලටම තේරේවි...



බැලුවද?? ලස්සනද? හොදද?? මොකද්ද ඔයාලගෙ අදහස..?


Saturday

13 දින 12 කට තනි වීමි...


අද 2013.04.06 වෙනි දිනයයි... අද දින ඉදල දින 12 කියන්නෙ අලුත් අවුරුද්ද ඉවර වෙලා, දින 05 ගෙවුනට පස්සෙ, මගේ උපන් දිනය ඉවර වෙලා දින 05 ගෙවෙන තුරා මම තනි වීමි... මන්ද යත් මගේ මෑණියන්, සොහොයුරිය සහ පොඩී(ලොකු අම්මා) මා ගෙදර තනිකර අද දින නික්ම ගිය නිසාවෙන්.... 


බල පල්ලා මම මේ දවස් ටිකේ තනියම බං ගෙදර... අපිට කොහොමත් තනිකම පාලුව විද්ල පුරුදු නිසා ඔඅට මේක එච්චර අවුලක් වෙන එකක් නෑ... නමුත් හිතට අම්බානෙක දුකයි.. මොකද අවුරුද්දට හැම ගෙදරකම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරද්දි මම අපේ ගෙදර තනියම ඉන්න නිසා... තනියම නෙමෙයි... මමයි සුන්ටුයි... අපේ හුරතලා... 



ඇත්තටම දුකයි... නමුත් වෙන්න ඕන දේවල් වෙන්න ඕන... අම්මල අපි වෙනුවෙන් තවත් දුක් විදින්න ඕනෙ නෑ.... දැන් අම්මලගෙ සෑදෑ සමය... මම දන්නව අම්ම අනිව මගේ උපන් දිනේට මට කොහොම හරි කෝල් එකක් දෙනව කියල... ඒ ඇති... යන්න හිටියෙ අම්මයි, තාත්තයි පමණයි... නමුත් කාලයේ ඇවැයමෙන් අම්මගෙ අසනීප තත්වය උඩ අක්ක සහ පොඩී යන්න තීරනය කලා.... ගෙදර තනියම ඉදල තියෙනව.. නමුත් අම්බානෙක තනිකමක් හිතට එන්නෙ.. මට හිතා ගන්න බෑ... හැම ගෙදරකම රතිඤ්ඤ්යා පිපිරෙද්දි, කිරිබත් උයද්දි, කිරි උතුරවද්දි, ගනුදෙනු කරද්දි, උබලම කල්පනා කරපන් හිතට එන හගීම ගෙදර තනියෙම ඉන්න කොට...


+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)