නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

14 අම්මේ... යන්න එපා දුරු රටකට....

අම්මේ... යන්න එපා දුරු රටකට....
කවුරුත් නෑ මගෙ තනියට...
එහෙම කලෝතින් හොද නෑ අම්මේ..
හිතට දුකයි පොඩි පුතු හට....
අම්මේ.... යන්න එපා දුරු රටකට....//

මුලින්ම මේ වීඩියෝ එක බලල ඉන්නකො.. එතකොට ඔයාලටම තේරේවි...



බැලුවද?? ලස්සනද? හොදද?? මොකද්ද ඔයාලගෙ අදහස..?


Saturday

13 දින 12 කට තනි වීමි...


අද 2013.04.06 වෙනි දිනයයි... අද දින ඉදල දින 12 කියන්නෙ අලුත් අවුරුද්ද ඉවර වෙලා, දින 05 ගෙවුනට පස්සෙ, මගේ උපන් දිනය ඉවර වෙලා දින 05 ගෙවෙන තුරා මම තනි වීමි... මන්ද යත් මගේ මෑණියන්, සොහොයුරිය සහ පොඩී(ලොකු අම්මා) මා ගෙදර තනිකර අද දින නික්ම ගිය නිසාවෙන්.... 


බල පල්ලා මම මේ දවස් ටිකේ තනියම බං ගෙදර... අපිට කොහොමත් තනිකම පාලුව විද්ල පුරුදු නිසා ඔඅට මේක එච්චර අවුලක් වෙන එකක් නෑ... නමුත් හිතට අම්බානෙක දුකයි.. මොකද අවුරුද්දට හැම ගෙදරකම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරද්දි මම අපේ ගෙදර තනියම ඉන්න නිසා... තනියම නෙමෙයි... මමයි සුන්ටුයි... අපේ හුරතලා... 



ඇත්තටම දුකයි... නමුත් වෙන්න ඕන දේවල් වෙන්න ඕන... අම්මල අපි වෙනුවෙන් තවත් දුක් විදින්න ඕනෙ නෑ.... දැන් අම්මලගෙ සෑදෑ සමය... මම දන්නව අම්ම අනිව මගේ උපන් දිනේට මට කොහොම හරි කෝල් එකක් දෙනව කියල... ඒ ඇති... යන්න හිටියෙ අම්මයි, තාත්තයි පමණයි... නමුත් කාලයේ ඇවැයමෙන් අම්මගෙ අසනීප තත්වය උඩ අක්ක සහ පොඩී යන්න තීරනය කලා.... ගෙදර තනියම ඉදල තියෙනව.. නමුත් අම්බානෙක තනිකමක් හිතට එන්නෙ.. මට හිතා ගන්න බෑ... හැම ගෙදරකම රතිඤ්ඤ්යා පිපිරෙද්දි, කිරිබත් උයද්දි, කිරි උතුරවද්දි, ගනුදෙනු කරද්දි, උබලම කල්පනා කරපන් හිතට එන හගීම ගෙදර තනියෙම ඉන්න කොට...


Tuesday

18 මගේ අවලම් ගමන....

ඔන්න මම අද කියන්න යන්නෙ මම ගමනක් ගිය එකක් ගැන .. කොහේද දන්නවද?

 මම ගියා.... අප්පොචියේ කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ... ඔන්න මම ගියා.. මගේ...... මගේ...... අරහේ..... ( තෝ අවලම් ගමනක් ගියා නේද?) නෑ....

මම ගියා... මගේ වෙන්ට වයිපරේ ඉන්නේ... අන්න එහේ ගියා....( ඇයි තොට මාන්දමද මෙච්චර වෙලා තැටමුවෙ ඕක කියන්න...) නෑ බන් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා....

ඔන්න මම ගියේ ඊයෙ උදේ... ගෙදරින් යනකොටනම් උදේ 9.00 විතර වෙලා... නමුත් මම ගෙදර එද්දි හවස( පිස්සුද හැටිද) හවස නෙමෙයි රෑ 10.00 විතර වෙලා.... ඔන්න අම්මගෙ පොඩි පුතාගෙ අවලමේ යාම නොහොත් වෙන්ට වයිපරේගෙ ගෙදර යාම....

ඔන්න මම එහෙට යද්දි 12.30 විතර උනා... (යකෝ උබ වන්නියටද ගියේ...) නෑ නෑ බං.... මීගමුවෙනුත් එහා... වයික්කාල... දන්නව ඇති නේ... අර මැරයො ඉන්නෙ.... වනාත මුල්ල වගේ ටිකක්...

 (ප.කි. මම හෙට මේ පැත්තෙ ආවෙ නැති උනොත් පොඩ්ඩක් බලාපිය)

Friday

13 බොක්කට වැදුනු ඔවදන්....

මම අන්තර් ජංජාලයේ ඇවිදිද්දි මේක මට හමු උනා... මගේ බොක්කටම වැදුනු නිසා මම ඒක මෙතනට දැම්ම... ඔබට ස්තුතියි...මුල් අයිතිකරුට.... පහලින් ගත්තු තැන ඇත....



අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..






--------------------------------------------------------------------------------------


Thursday

28 මූණු පොතේ මෝඩ පුතේ.....


මම මේ කතාව කියන්න හදන්නෙ මූනු පොතේ ඉන්න මෝඩ දූල පුතාලට, නංගිට මල්ලිට, අක්කල අයියල, සහ එකී නොකී මෙකී සියලු මූනු පොතේ ඉන්නා වූ පුද්ගලයන් හට....
උබල බලාවි යකෝ මූට අද මොකද වෙලා තියෙන්නෙ  කියල...
නෑ මට මුකුත් වෙලා නෑ... 

මම මේ කියන්නෙ මට ඊයෙ හවස කෝච්චියෙදි මට අහුණු කතාවක් නිසා... කොල්ලො සෙට් එකක්... නුගේගොඩින් තමා නැග්ගෙ... ලංකාවෙ පිළිගත්ත ඉහලම පෙලේ පාසලක්... ඒ කියන්නෙ ලංකාවෙ මැති ඇමතිවරුන්ගේ ආදරණීය දරුවන් යන බාලක පාසලක ලමයි ටිකක්... ඔවුන් උසස් පෙළට ගණිතය විශය හදරණ ළමුන් පිරිසක්... මෙන්න මෙහෙමයි කතාව....

විශේෂයෙන් කියන්න කැමතියි මෙහි එන නම් ගම් මනංකල්පිතයි....

සුගත්:- මචං මාර කේස් එකක් නෙ උනේ මට

කමල්:- මොකේ කේස් එක?

සුගත්:-- මචන් ඊයෙ රෑ මට කෝල් එකක් ආව එයාටෙල් නම්බර් එකකින්...  මම ආන්සර් කරල කතා නොකර හිටිය කවුද බලන්න.. ඇයි බන් මේ දවස් වල පොඩි පොඩි කේස් නේ...

කමල්:- ඉතින් ඉතින්... කවුද කතා කලේ..

සුගත්:- කෙල්ලෙක් බන්...එයා ගත්තු කටට මේ සුගත්ද කතාකරන්නෙ කියල අහුවා.. ඉතින් මම ගත්තු කටට ඔවු කියල කිවුවා... මෙන්න බොලේ ඒකි කට් කරේ නැතැයි....!

කමල්:- ඉතින් උබ ආපහු ගත්තෙ නැද්ද? 

සුගත්:- ගත්ත බං.... ඒකි උස්සන්නෙ නෑ... මම රෑ එලි වෙනකන් ගත්ත... ආන්සර් කලේම නෑ බං...

කමල්:-- ඊට පස්සෙ.. උබ මැසේජ් එකක්වත් දැම්මෙ නැද්ද??

සුගත්:- දැම්ම බං.... මැසේජ් 05 ක් විතර දැම්ම... කඩ්ඩෙනුත් දැම්ම... ටික වෙලාවකින් ඒකිත් එවනව... මට ගන්න එපා අපේ තාත්ත මගේ ලග කියල.... 

කමල්:- ඉතින් ඊට පස්සෙ?.....

සුගත්:- ටිකක් වෙල යනකන් මැසේජ් කරා... මම ඇහුව මගේ නම්බර් එක කොහින්ද කියල... ඒකි කිවුව ෆේස් බුක් එකේ තියල ගත්තෙ කියල... 

කමල්:- අම්මට සිරි.. සිරාවට.. මටනම් හිතෙන්නෙ කාගෙ හරි කැ.... වැඩක් කියල බං... පොඩ්ඩක් හොයල බලපන්... කටහඩ උබට හොදට ඇහුනද??

සුගත්:- ඔවු බන්.. හොදට ඇහුන බං....අදත් ගෙදර ගිහින් ගන්න ඕන... 

කමල්:- ඒක තමයි තෝ ක්ලාස් එකේදි ඔය මගුල ඔබ ඔබ හිටියෙ... මම බැලුව කවදාවත් නැතුව තෝ මොනවද ඔය ඔබන්නෙ කියල.. මම හිතුව තෝ තව එකක් පටලවාගෙන ඇති කියල...

Monday

14 අපි ගියානෙ දෙවුරම් වෙහෙර බලන්න...


ඔන්න කතාව පටන් ගන්නෙ මෙහෙමයි... ඊයෙ ඒ කියන්නෙ 2013.03.24 ඉරිදා උදේ මට කෝල් එකක් ආව මගේ ආදරනීය, සදාදර, වදකභාර(මම ඉවරයි මේක දැක්කහම) වෙන්ට වයිපරේගෙන්... 


මෙන්න කතාබහ...


මම:- හෙලෝ... දෝනී(ආදරේට කියන නම)


දෝනි:- අද අපි ඔයාලහ එනවාද ඔක්කොමල ගෙදරද ඉන්නෙ..? 


මම:- අම්මච්චිය... සිරාවටද කියන්නෙ... මොකෝ හදිසියෙම එන්නෙ..? 


දෝනි:- ඇයි එන්න එපාද? කමක් නෑ අපි පිට මනුස්සයොනෙ... (ඉතින් ඔහොම කියද්දි ඉතින් දෙන්න පුළුවන්  දත් දෙක තුනක් බඩටම යන්න)


මම:- අය්යෝ කවුද එහෙම කිවුවෙ.. මම බලන්නද එන්නෙ... (කොහොමත් අපි එයාල එනවට කැම්තියි... මොකද කන්න බොන්න ජාති සෑහෙන්න අරගෙනනෙ එන්නෙ...ඉතින් එදට අපිට රජ මගුල්)


දෝනි:- මොකටද මම ඔයාව බලන්න එන්නෙ.... අපි එන්නෙ අම්ම බලන්න... දෙන්න අම්මට මම අම්මගෙන්ම අහගන්නම් කො...(ඉතින් බල්ල වගේ දුන්නෙ නැතැයි අම්මට.. අම්මට දුන්න කියන්නෙ මගේ හැව ඔක්කොම අම්ම අරිනව....)

Friday

18 අත්තගහ මැතිරීම නොහොත් ශාන්තිකර්මය...


2013.03.20 වෙනිදා තමයි මේ සිද්දිය උනේ... 


මෙන්න මේකයි සිද්දිය... කවුද දන්නෙ අත්තගහ මතුරනව කියන එක.. ඒක වැඩි හරියක් දන්නෙ දකුණු පාළාතෙ ගම් වල උදවිය.. ඒක ශාන්තිකර්මයක් කිවුවොත් නිවැරදියි... ඒ කියන්නෙ ඒකෙ වැඩිපුරම කියන්නෙ බුදු ගුණ ඇතුලත් කවි තමා ගායනය කරන්නෙ... 


ඒකට අවශ්‍ය ද්‍රව්‍ය..

01.බඩ වර්ග 7 ක් ( පුවක්, පොල්, කෙසෙල්,මයියොක්ක(ලියන්න දන්නෙ නෑ.. විනාඩි 10 ක්   විතර ගේම දුන්න් ලියන්න), තව තව)
02. මල් වර්ග 07 ක් ( දන්නව ඇතිනෙ මල් වර්ග)
03. මැටි පුන් කලස් 02 ක්
04. පුවක් මල්,පොල් මල්,සහ තැඹිලි මල්
05. මැටි හට්ටි 03 ක්.
06. අලුත් සහල් ටිකක් ( ටිකක් කිවුවට ටිකක්ම නෙමෙයි 2 කිලෝ.)
07. දෙහි ගෙඩි 10 ක්
08. ගොග්කොල
09. බ්ලා බ්ලා බ්ලා

ඔන්න දැනුයි සීන් එක පටාන් ගන්නෙ... ඔන්න එයාල ආවෙ බෙලිඅත්තෙ ඉදන්... මෙහෙට එනකොට දවල් 01.00 විතර වෙලා... 


11 රිය අනතුරු...(2013.03.22)

අද මම ඔයාලට මගේ ඇස් දෙකෙන් දැකපු සිද්දියක් කියන්න යන්නෙ... 


මම වැඩ් කරන්නෙ ඔරුගොඩවත්ත පැත්තෙ... අද මම ඔරුගොඩවත්ත හන්දියෙන් බැහැල අවිස්සාවේල්ල පැත්තට පා ගමනින් එනව... එනකොට හරියටම ඔරුගොඩවත්ත හන්දියයි, ඔරුගොඩවත්ත පාලමයි අතර මැදදි මට ඉස්සරහින් මහුලු කාන්තාවක් පාර පැන්න...( ට්‍රැෆික් මුකුත් නෑ)


 මම ආවේත් වම් පැත්තෙ. අර මහලු කාන්තාව පාර පැන්නෙත් වම් පැත්තෙ ඉදන් දකුණු පැත්තට...

( කහ ඉර මීටර් 10 ක් ඉදිරියෙන් තිබුනි) 

Tuesday

29 මගේ යාලුවාගේ වෙඩිම...


මම හිතනව මේක කියවන්න කලින් මෙන්න මේක කියවල ආවනම්.... මොකද මියම ටික මේකෙ තියෙන්නෙ...

සොදුරුම සමය....


ඔන්න මම කියන්න යන්නෙ ඊයෙ මට හරිම සතුටු දවසක්... ඇත්තටම ගොඩක් සතුටුයි... මොකද මම මගේ යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා... ඇත්තටම මට ඊයෙ හිතුන දෙයක් තමා අපි දැන් ලොකු ලමයි කියල. ( ලමයි නෙමෙයි බාප්පල) 

දැන් ටික ටික මගෙත් එක්ක ඉගෙන ගත්තු... පිස්සු කෙලපු, ගහගත්තු, මාරගත්තු,  එක කෑම එක බෙදාගෙන කාපු(වැඩි හරියක් හොරෙන් කාපු ), එකට මා දං කඩන්න කෑලේ රිංගෙපු, කවුරුවත් පාව නොදී හැමෝමා එකට ගුටිකාපු, ගිනිගහන අවුවෙ දනගහගෙන ඉදපු යාලුවො දැන් බදින්න තනියම පෝරුව උඩ ඉදිද්දි හිතට එන දුක කොහොම පිට කරන්නද? ඇත්තටම මාරම දුකක් හිතට ආව... දැන් ඉස්සර වගේ ඉන්න බෑ අපිට.. දැන් එයා වෙනම පවුලක්.. කොච්චර නෑ කියල කිවුවත්.. අපේ හිතට දැනෙනව, අපි ඒක පිලිගන්න කැමති නෑ... අපි තාමත් කැමතියි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට.. දැන් මට ඒ යාලුවට කොහොමද මචන්, උබ, බන් බොලන්, කියල කතා කරන්නෙ.. දැන් කතා කරන්න වෙන්නෙ හායි, ඔයා, නැත්තම් නම කියල... ඇත්තටම දුකයි... මොනව කරන්නද? ඒ කාලෙට අපිත් එන්න වෙනවනෙ... කියල වැඩක් නෑ.. 

පට්ටම පාර්ටි එක... කියලා නිම කරන්න බෑ... යාලුවො ගොඩාක් ආව... ගොඩ කාලෙකින් හම්බ උන යාලුවොත් හිටියා... 


Monday

16 අපි ගියානෙ අනුරාධපුරේ...

 මෙන්න මෙහෙමයි උනේ... අපි සෙට් එක තමා ගියේ... කෝ යකෝ සෙට් එක... සෙට් එක කිවුවට සෙට් එකක්ම නෙමේ... 05 දෙනයි... අම්ම, තාත්ත,පොඩී ( අපෙ අම්මගෙ අක්ක), අක්ක, සහ මම. ඔන්න අපේ සෙටාර් එක... නමුත් අනුරපුරේ ගියේ එකට නෙමෙයි... දෙපාරකට.. අම්මයි, තාත්තයි, පොඩියි ගියේ 24 වෙනිදා උදේම.. ඒ කියන්නෙ 5.30 කෝච්චියේ... නමුත් අක්කයි මමයි නොවැලැක්විය හේතුවක් මත අපි ගියේ 10.00 කෝච්චියේ.. මොකද්ද දන්නවද කේස් එක.. අපේ අක්ක ඉන්නෙ.. එයාගෙ මහත්තය ඉන්නෙ.. අන්න ඒයා රට ගියානෙ... ඒකයි... ඔන්න අපි එයාව එයාපෝර්ට් එකෙන් දල අපි 10.00 කෝච්චියට ගොඩ උනා...


ඒක කොහොම හරි අනුරපුරේට යනකොට 5.30 විතර උනා... මමයි අක්කයි කෝච්චියේ රියදුරු මහත්මයව ආදරෙන් මතක් කරමින් ගියා... මට හිතෙන්නෙ අපි මතක් කරපු මතක් කිරිල්ලට පොරගෙ කඩුපුල් ආසනේ රත්වෙලාද කොහෙද සැරින් සැරේ පොර බිමට බැහැල ඇවිදල එනව....(ඇයි හත්තිලවුවේ රත් උනා විතරක් ඇති ගිනි නොගෙන... කෝච්චියේ හිටපු 1000ක් විතර පීඩා විදින ජනතාව ඔහුව මතක් කරද්දි.... )


තව එකක් ඔන්න අපි අතරමගදි දැක්ක ඉබි පැටියෙක්.. පට්ට ලස්සනයි...  මට හිතෙන විදියට තාරකා ඉබ්බෙක්... මේ බලන්නකො උගේ ලස්සන...


+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)