නිතර දෙවේලේ යන එන තැන් ....

Tuesday

29 මගේ යාලුවාගේ වෙඩිම...


මම හිතනව මේක කියවන්න කලින් මෙන්න මේක කියවල ආවනම්.... මොකද මියම ටික මේකෙ තියෙන්නෙ...

සොදුරුම සමය....


ඔන්න මම කියන්න යන්නෙ ඊයෙ මට හරිම සතුටු දවසක්... ඇත්තටම ගොඩක් සතුටුයි... මොකද මම මගේ යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා... ඇත්තටම මට ඊයෙ හිතුන දෙයක් තමා අපි දැන් ලොකු ලමයි කියල. ( ලමයි නෙමෙයි බාප්පල) 

දැන් ටික ටික මගෙත් එක්ක ඉගෙන ගත්තු... පිස්සු කෙලපු, ගහගත්තු, මාරගත්තු,  එක කෑම එක බෙදාගෙන කාපු(වැඩි හරියක් හොරෙන් කාපු ), එකට මා දං කඩන්න කෑලේ රිංගෙපු, කවුරුවත් පාව නොදී හැමෝමා එකට ගුටිකාපු, ගිනිගහන අවුවෙ දනගහගෙන ඉදපු යාලුවො දැන් බදින්න තනියම පෝරුව උඩ ඉදිද්දි හිතට එන දුක කොහොම පිට කරන්නද? ඇත්තටම මාරම දුකක් හිතට ආව... දැන් ඉස්සර වගේ ඉන්න බෑ අපිට.. දැන් එයා වෙනම පවුලක්.. කොච්චර නෑ කියල කිවුවත්.. අපේ හිතට දැනෙනව, අපි ඒක පිලිගන්න කැමති නෑ... අපි තාමත් කැමතියි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට.. දැන් මට ඒ යාලුවට කොහොමද මචන්, උබ, බන් බොලන්, කියල කතා කරන්නෙ.. දැන් කතා කරන්න වෙන්නෙ හායි, ඔයා, නැත්තම් නම කියල... ඇත්තටම දුකයි... මොනව කරන්නද? ඒ කාලෙට අපිත් එන්න වෙනවනෙ... කියල වැඩක් නෑ.. 

පට්ටම පාර්ටි එක... කියලා නිම කරන්න බෑ... යාලුවො ගොඩාක් ආව... ගොඩ කාලෙකින් හම්බ උන යාලුවොත් හිටියා... 


Monday

16 අපි ගියානෙ අනුරාධපුරේ...

 මෙන්න මෙහෙමයි උනේ... අපි සෙට් එක තමා ගියේ... කෝ යකෝ සෙට් එක... සෙට් එක කිවුවට සෙට් එකක්ම නෙමේ... 05 දෙනයි... අම්ම, තාත්ත,පොඩී ( අපෙ අම්මගෙ අක්ක), අක්ක, සහ මම. ඔන්න අපේ සෙටාර් එක... නමුත් අනුරපුරේ ගියේ එකට නෙමෙයි... දෙපාරකට.. අම්මයි, තාත්තයි, පොඩියි ගියේ 24 වෙනිදා උදේම.. ඒ කියන්නෙ 5.30 කෝච්චියේ... නමුත් අක්කයි මමයි නොවැලැක්විය හේතුවක් මත අපි ගියේ 10.00 කෝච්චියේ.. මොකද්ද දන්නවද කේස් එක.. අපේ අක්ක ඉන්නෙ.. එයාගෙ මහත්තය ඉන්නෙ.. අන්න ඒයා රට ගියානෙ... ඒකයි... ඔන්න අපි එයාව එයාපෝර්ට් එකෙන් දල අපි 10.00 කෝච්චියට ගොඩ උනා...


ඒක කොහොම හරි අනුරපුරේට යනකොට 5.30 විතර උනා... මමයි අක්කයි කෝච්චියේ රියදුරු මහත්මයව ආදරෙන් මතක් කරමින් ගියා... මට හිතෙන්නෙ අපි මතක් කරපු මතක් කිරිල්ලට පොරගෙ කඩුපුල් ආසනේ රත්වෙලාද කොහෙද සැරින් සැරේ පොර බිමට බැහැල ඇවිදල එනව....(ඇයි හත්තිලවුවේ රත් උනා විතරක් ඇති ගිනි නොගෙන... කෝච්චියේ හිටපු 1000ක් විතර පීඩා විදින ජනතාව ඔහුව මතක් කරද්දි.... )


තව එකක් ඔන්න අපි අතරමගදි දැක්ක ඉබි පැටියෙක්.. පට්ට ලස්සනයි...  මට හිතෙන විදියට තාරකා ඉබ්බෙක්... මේ බලන්නකො උගේ ලස්සන...


Friday

18 මිනිසුන්ගෙ මානසිකත්වය...

මේ සිද්දිය උනේ අද උදේ.. මෙන්න මේකයි හරියටම ඔරුගොඩවත්ත හන්දිය පහුකරල චුට්ටක් කැලනිය පැත්තට යනකොට වම් අත පැත්තෙ ශෙඩ් එකක් තියෙනවනෙ.. ඒකත් පහුකරල යද්දි තියෙනව කහ ඉරක්... ඔන්න ඔතන තමා සීන එක උනේ...
 ඔය පාර ලයින් 04 ක් නෙ... එක පැත්තකට ලයින් දෙකක් තියෙනව... ඔය ලයින් 04 වෙන් කරල ගහල තියෙනව වැටක්... ඔන්න සිද්දිය දැනුයි පටන් ගන්නෙ..


+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)