නිතර දෙවේලේ යන එන තැන් ....

Showing posts with label ආ ගිය තැන්.......... Show all posts
Showing posts with label ආ ගිය තැන්.......... Show all posts

Tuesday

14 අපි ගියානෙ ඉච්චලම්පත්තු....

මෙන්න මෙහෙමයි කතාව.... අපි කිවුවට මායි... මගේ බොසයි.... ඩ්‍රයිවරුයි.... තමා ගමන ගියේ...


මේක තියෙන්නෙ ත්‍රීකුණාමලය පැත්තෙ... ඒ කියන්නෙ වාකරේ පාරේ... තව කියනවනම් සේරුවාවිල පංසලට යාබදව... තමා අපේ සයිට් එක තියෙන්නෙ... මම මුලින්ම කියන්නම්කො සයිට් එක ගැන...

අපි හදන්නෙ වතුර පිරිසිදු කිරීමේ මද්‍යස්තානයක්... සිංහලෙන් වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක්... මම හරිනේ... ඒකෙන් වෙන්නේ... මහවැලි ගග තියෙන්නෙ අන්න ඒකෙ තියෙන වතුර ටික පිරිසිදු කරල ජනතාව අතරට බෙදා හරින්න...

ඔන්න දැන් හරිනෙ... මාරම ලොකු ප්‍රොජෙක්ට් එකක්... මේවා තමා හදමින් යන්නෙ... හැබැයි පුතෝ මේකට වතුර ගේන්නෙ කිලෝ මීටර 05 විතර එහෑයින් තියෙන පොට් එකකින්.. අපි එතනටත් ගියා... වතුර ගේන්නෙ බට වලින්... එයින් බට දෙකක්.. එක බටේක ඩය මීටර් එක 600 MM.. තාම පටන් ගත්තා විතරයි...


කියන්න බැරි උනානෙ.. අපි ගියේ 2013.04.03 උදේ 06.30 ට එහෙට යද්දි 11.00 විතර උනා... හරියටම මතක නෑ...


අපි ආවෙ 2013.04.04 උදේ 10.00 ට විතර අපි මෙහෙට එද්දි 5.00 විතර උනා... මොකද දඹුල්ලෙන් එලෝලු ගත්ත...


මෙන්න සියිට් එක...








18 මගේ අවලම් ගමන....

ඔන්න මම අද කියන්න යන්නෙ මම ගමනක් ගිය එකක් ගැන .. කොහේද දන්නවද?

 මම ගියා.... අප්පොචියේ කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... අනේ... ඔන්න මම ගියා.. මගේ...... මගේ...... අරහේ..... ( තෝ අවලම් ගමනක් ගියා නේද?) නෑ....

මම ගියා... මගේ වෙන්ට වයිපරේ ඉන්නේ... අන්න එහේ ගියා....( ඇයි තොට මාන්දමද මෙච්චර වෙලා තැටමුවෙ ඕක කියන්න...) නෑ බන් පොඩ්ඩක් ලැජ්ජ හිතුනා....

ඔන්න මම ගියේ ඊයෙ උදේ... ගෙදරින් යනකොටනම් උදේ 9.00 විතර වෙලා... නමුත් මම ගෙදර එද්දි හවස( පිස්සුද හැටිද) හවස නෙමෙයි රෑ 10.00 විතර වෙලා.... ඔන්න අම්මගෙ පොඩි පුතාගෙ අවලමේ යාම නොහොත් වෙන්ට වයිපරේගෙ ගෙදර යාම....

ඔන්න මම එහෙට යද්දි 12.30 විතර උනා... (යකෝ උබ වන්නියටද ගියේ...) නෑ නෑ බං.... මීගමුවෙනුත් එහා... වයික්කාල... දන්නව ඇති නේ... අර මැරයො ඉන්නෙ.... වනාත මුල්ල වගේ ටිකක්...

 (ප.කි. මම හෙට මේ පැත්තෙ ආවෙ නැති උනොත් පොඩ්ඩක් බලාපිය)

Monday

14 අපි ගියානෙ දෙවුරම් වෙහෙර බලන්න...


ඔන්න කතාව පටන් ගන්නෙ මෙහෙමයි... ඊයෙ ඒ කියන්නෙ 2013.03.24 ඉරිදා උදේ මට කෝල් එකක් ආව මගේ ආදරනීය, සදාදර, වදකභාර(මම ඉවරයි මේක දැක්කහම) වෙන්ට වයිපරේගෙන්... 


මෙන්න කතාබහ...


මම:- හෙලෝ... දෝනී(ආදරේට කියන නම)


දෝනි:- අද අපි ඔයාලහ එනවාද ඔක්කොමල ගෙදරද ඉන්නෙ..? 


මම:- අම්මච්චිය... සිරාවටද කියන්නෙ... මොකෝ හදිසියෙම එන්නෙ..? 


දෝනි:- ඇයි එන්න එපාද? කමක් නෑ අපි පිට මනුස්සයොනෙ... (ඉතින් ඔහොම කියද්දි ඉතින් දෙන්න පුළුවන්  දත් දෙක තුනක් බඩටම යන්න)


මම:- අය්යෝ කවුද එහෙම කිවුවෙ.. මම බලන්නද එන්නෙ... (කොහොමත් අපි එයාල එනවට කැම්තියි... මොකද කන්න බොන්න ජාති සෑහෙන්න අරගෙනනෙ එන්නෙ...ඉතින් එදට අපිට රජ මගුල්)


දෝනි:- මොකටද මම ඔයාව බලන්න එන්නෙ.... අපි එන්නෙ අම්ම බලන්න... දෙන්න අම්මට මම අම්මගෙන්ම අහගන්නම් කො...(ඉතින් බල්ල වගේ දුන්නෙ නැතැයි අම්මට.. අම්මට දුන්න කියන්නෙ මගේ හැව ඔක්කොම අම්ම අරිනව....)

Tuesday

29 මගේ යාලුවාගේ වෙඩිම...


මම හිතනව මේක කියවන්න කලින් මෙන්න මේක කියවල ආවනම්.... මොකද මියම ටික මේකෙ තියෙන්නෙ...

සොදුරුම සමය....


ඔන්න මම කියන්න යන්නෙ ඊයෙ මට හරිම සතුටු දවසක්... ඇත්තටම ගොඩක් සතුටුයි... මොකද මම මගේ යාලුවෙක්ගෙ වෙඩිමකට ගියා... ඇත්තටම මට ඊයෙ හිතුන දෙයක් තමා අපි දැන් ලොකු ලමයි කියල. ( ලමයි නෙමෙයි බාප්පල) 

දැන් ටික ටික මගෙත් එක්ක ඉගෙන ගත්තු... පිස්සු කෙලපු, ගහගත්තු, මාරගත්තු,  එක කෑම එක බෙදාගෙන කාපු(වැඩි හරියක් හොරෙන් කාපු ), එකට මා දං කඩන්න කෑලේ රිංගෙපු, කවුරුවත් පාව නොදී හැමෝමා එකට ගුටිකාපු, ගිනිගහන අවුවෙ දනගහගෙන ඉදපු යාලුවො දැන් බදින්න තනියම පෝරුව උඩ ඉදිද්දි හිතට එන දුක කොහොම පිට කරන්නද? ඇත්තටම මාරම දුකක් හිතට ආව... දැන් ඉස්සර වගේ ඉන්න බෑ අපිට.. දැන් එයා වෙනම පවුලක්.. කොච්චර නෑ කියල කිවුවත්.. අපේ හිතට දැනෙනව, අපි ඒක පිලිගන්න කැමති නෑ... අපි තාමත් කැමතියි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙට.. දැන් මට ඒ යාලුවට කොහොමද මචන්, උබ, බන් බොලන්, කියල කතා කරන්නෙ.. දැන් කතා කරන්න වෙන්නෙ හායි, ඔයා, නැත්තම් නම කියල... ඇත්තටම දුකයි... මොනව කරන්නද? ඒ කාලෙට අපිත් එන්න වෙනවනෙ... කියල වැඩක් නෑ.. 

පට්ටම පාර්ටි එක... කියලා නිම කරන්න බෑ... යාලුවො ගොඩාක් ආව... ගොඩ කාලෙකින් හම්බ උන යාලුවොත් හිටියා... 


Monday

16 අපි ගියානෙ අනුරාධපුරේ...

 මෙන්න මෙහෙමයි උනේ... අපි සෙට් එක තමා ගියේ... කෝ යකෝ සෙට් එක... සෙට් එක කිවුවට සෙට් එකක්ම නෙමේ... 05 දෙනයි... අම්ම, තාත්ත,පොඩී ( අපෙ අම්මගෙ අක්ක), අක්ක, සහ මම. ඔන්න අපේ සෙටාර් එක... නමුත් අනුරපුරේ ගියේ එකට නෙමෙයි... දෙපාරකට.. අම්මයි, තාත්තයි, පොඩියි ගියේ 24 වෙනිදා උදේම.. ඒ කියන්නෙ 5.30 කෝච්චියේ... නමුත් අක්කයි මමයි නොවැලැක්විය හේතුවක් මත අපි ගියේ 10.00 කෝච්චියේ.. මොකද්ද දන්නවද කේස් එක.. අපේ අක්ක ඉන්නෙ.. එයාගෙ මහත්තය ඉන්නෙ.. අන්න ඒයා රට ගියානෙ... ඒකයි... ඔන්න අපි එයාව එයාපෝර්ට් එකෙන් දල අපි 10.00 කෝච්චියට ගොඩ උනා...


ඒක කොහොම හරි අනුරපුරේට යනකොට 5.30 විතර උනා... මමයි අක්කයි කෝච්චියේ රියදුරු මහත්මයව ආදරෙන් මතක් කරමින් ගියා... මට හිතෙන්නෙ අපි මතක් කරපු මතක් කිරිල්ලට පොරගෙ කඩුපුල් ආසනේ රත්වෙලාද කොහෙද සැරින් සැරේ පොර බිමට බැහැල ඇවිදල එනව....(ඇයි හත්තිලවුවේ රත් උනා විතරක් ඇති ගිනි නොගෙන... කෝච්චියේ හිටපු 1000ක් විතර පීඩා විදින ජනතාව ඔහුව මතක් කරද්දි.... )


තව එකක් ඔන්න අපි අතරමගදි දැක්ක ඉබි පැටියෙක්.. පට්ට ලස්සනයි...  මට හිතෙන විදියට තාරකා ඉබ්බෙක්... මේ බලන්නකො උගේ ලස්සන...


Thursday

7 ඇබර්ඩීන් ඇල්ල, හොර්ටන් තැන්න හරහා නුවර එලිය දක්වා....



ඔන්න මම කියන්න යන්නෙ අපේ ගෙදර සෙට් එක නුවර එලියෙ ගිය ගැන කියන්න... ඔන්න මම පටන් ගන්නව කතාව කියන්න.....
මුලින්ම කියන්න වැදගත් කරුනු කිහිපයක් තියෙනවා.....

01. හොර්ටන් තැන්නේ කදවුරක ඉන්න බලගෙන යනවනම් යන්න මාසෙකට විතර කලින් බුක් කරන්න වෙනවා.... ඒක බුක් කරන්න ඔන බත්තරමුල්ලෙ තියෙන Wild Life එකට ගිහින් තමා... තොරතුරු ගන්න ඔන නම් මෙන්න නම්බර් එක.... 0112888585...

02. හොර්ටන් තෙන්න රෑට මාරම හීතලයි... එක නිසා පුලුවන් තරම් වහගන්න රෙදි ගෙනියන්න....

03. එක අතුලට පොලිතීන් ගෙනියන්න දෙන්නෙ නෑ.... වතුර බොතල් ගෙනියන්න පුලුවන්.... හැබැයි... බොතල් අපහු ගෙන්න ඔන..... නැත්තම් පට්ටම ලෙඩේ....

04. තව විශේෂ කාරනයක්.... ඔයාල ගෙනියන ටෙන්ට් එක හොද තත්වෙ එකක් වෙන්න ඔනා... නැත්තම් පුතෝ ඉවරයි... තෙමෙන්නෙ නැති... ශක්තිමත් එකක් වෙන්න ඔන... නැත්තම් උදේ බලද්දි කොහේ ඉදිද දන්නෙ නෑ...
+++........මාව බලන්න පැමිණියාට බොහොම ස්තුතියි.......+++
(X)